Colombo Today Local News

ඇමෙරිකාවෙි මහ මොළකරැ ෂෙක් මොහොමඩ්ට විරුද්ධව නඩු පැවරුවේ අවුරුදු විස්සකට පස්සේ – මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර

මාළඹේ නව පොලිස් ස්ථානය විවෘත කිරීම අද (2)දින මහ ජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්යය සරත්
වීරසේකර මහතා අතින් සිදු විය.

එහිදී මාද්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් එතුමන් සදහන් කර සිටියේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධව තවමත් විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බවයි.

මහ ජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්යය සරත් වීරසේකර මහතා,

” කාදිනල්තුමා වරින් වර එතුමාගේ අදහස් ප්‍රකාශ කරනවා. ඒක අපිට පිළිගන්න පුලුවන් මොකද උන්වහන්සේ රටේ කතෝලික ජනතාව නියෝජනය කරන නිසා. අපි දන්නවා 2001 සැප්තැම්බර් 11 ලෝක වෙළද මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල කල මහ මොළකරු ෂෙක් මොහොමඩ්ට විරුද්ධව නඩු පැවරුවේ අවුරුදු විස්සකට පසුව. ඒ වගේම 2015දී ප්‍රංශයේ ප්‍රහාරයක් එල්ල උනා. ඒ ත්‍රස්තවාදීන්ට විරුද්ධ ව නඩු දැම්මේ අවුරුදු හතකට පස්සේ. පොලීසිය පැත්තෙන් අපි ගත්තොත් පොලීසිය මගින් කරන්න තියෙන රාජකාරි සියල්ලක්ම බොහෝ දුරට කර අවසන්. නමුත් පාස්තු ප්‍රහාරය සමිබන්ධව තවමත් විමර්ශන කටයුතු සිදුවෙමින් පවතිනවා

අද වෙනකොට තිස්දෙදෙනෙක්ට මහාධිකරණ පහක නඩු විභාග වෙනවා. ඒ වගෙම තමයි ප්‍රධාන අය නවුෆර් මවුලවි, ජෆූර් මාමා යන ප්‍රධාන විසිහතර දෙදෙනකුට අධිචෝදනා ගොනුකර තියෙනවා. නීතිපතිතුමා ඉක්මනින් ඒ නඩු විභාග කලයුතු නිසා ඒ සදහා මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරැ මඩුල්ලක් පත්කර අදාළ කටයුතූ කරගෙන යනවා. මෙි මස සිට නොකඩවා එම නඩු විභාග සිදු කෙරෙනවා. ඒ වගෙම තමයි අපි ඇත්ත වශයෙන් ම සන්තෝස වෙන්න ඕනේ මේ අවුරුදු දෙකහමාරක් වැනි කෙටි කාලයක් තුල මේ වගේ විශාලකාර්යයභාර්යයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකර නීතිපතිට නඩු පැවරීම සදහා උද්ධෘත ගොනු ඉදිරිපත් කිරීම ගැන. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුරකතන ඇමතුම් 112,000 පමන විශ්ලේෂණය කළා. චෝදනා 23700 ක් අද ගොනුකරලා තියෙනවා. ඒ වගේම තමයි මේ පිළිබදව වාර්තා හතරක් තියෙනවා. එකක් තමයි පාර්ලිමේන්තු කාරක සභාව , පාර්ලිමේන්තු ආංශික කාරක සභාව, ජනාධිපති කොමිසම සහ අපරාධ විමර්ශනය. මේ සියලු දේවල් නීතිපතිතුමා විශ්ලේෂණය කරන්න ඕනේ. මොකද සාක්ෂිවල පරස්පරයක් තිබ්බොත් එය සැකකරුවන්ට නිදහස්වෙලා යන්න අවස්තාවක් වෙන නිසා තමයි කල් ගන්නේ. කොච්චර කල්ගත්තත් අපේ මේ රජය තියෙන තාක් කල් අපි මේ අපරාධකරුවන් ට නිදැල්ලේ හැසිරෙන්න ඉඩ දෙන්නේ නෑ “

මෙම අවස්ථාව සදහා පොලිස්පති ජයන්ත වික්‍රමරත්න ඇතූලු පිරිසත් හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද සහභාගි විය.

Related posts

සූක්ෂමව සගවා තිබූ බෝම්බ 21ක් හමුවෙයි

colombotoday

වල්සපුගල ගොවීන් යළි උපවාසයක් අරඹයි

colombotoday

ජනබල විරෝධය අස්සේ වස මුසුකළ කිරි පැකට් බෙදුවේ මුජිබර් රහුමාන්ද ?

colombotoday

හිස්බුල්ලාගේ ශරියා විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කෙරේ

colombotoday

ජනපති සේනාවක් අරන් ඇමරිකා ගිහින්… අගමැතිට කෝටි 59ක කාර් දෙකක් ගෙන්නලා….

colombotoday

දකුණේ වෙඩි පත්තු වේ

Admin