Colombo Today Local News

වන්දනා ගමනකට රට යන්න ගම්මන්පිලට අධිකරණයෙන් අවසර

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කට තිබේ.

ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා එම නියෝග ලබා දී තිබේ.

ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉනෝකා පෙරේරා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාට වන්දනා ගමනක් සඳහා ඉන්දියාවට යාමට අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම මේ මස 23 වනදා සිට 29 වනදා තෙක් අත්හිටුවන ලෙස ඉල්ලා ඇත.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ කාල සීමාව තුළ ගම්මන්පිල මහතා වෙත පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස නියෝග කට ඇත.

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකසා ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යපාරික බ්‍රයන් ෂැඩික්ට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21ක් සාවද්‍ය විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් උදය ගම්මන්පිල මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබේ.

Related posts

අවුරුදු එකහමාරක දරුවාට පහර දී රට ඉන්න මවගෙන් සල්ලි ඉල්ලන සල්ලාල පියා

Admin

පාකිස්තානයෙන් මෙරටට ආ බහාලුමක හෙරොයින්

Admin

මීගමුවේ හෝටලයක “බුද්ධ බාර්” සාදයක්… අනුග්‍රහය ඇමතිවරයෙකුගෙන් !

colombotoday

කිලෝමීටර 25ක දිගින් යුත් අක්කරේපත්තු කලපු ප්‍රදේශයේ ඉඩම් මුස්ලිම් පිරිසක් ආක්‍රමණය කරයි

colombotoday

වැඩි මිලට සහල් අලෙවි කළහොත් දඩය ලක්ෂ 50යි… මාස හයක් හිරේ

colombotoday

ජනපති කාර්යමණ්ඩල ප්‍රධානියා අල්ලස් ගත් කන්තලේ සීනි කම්හල් ගනුදෙනුවේ සම්පූර්ණ කතාව මෙන්න

colombotoday