Colombo Today Local News

වසර පහක් තුළ රේගු සහ රේගු නොවන බදු ඉවතට

කර්මාන්ත හා නිෂ්පාදන තරගකාරීත්වයට මුහුණ දීම සඳහා වෙළෙඳ ගැළපුම් වැඩසටහනක් සමඟින් වසර පහක් ඇතුළත රේගු බදු සහ රේගු නොවන බදු ඉවත් කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රජය මෙම පියවර සම්බන්ධයෙන් ලෝක බැංකුව සහ ආසියා සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියින් විසින් පසුගිය 18 දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී සංවිධානය කර තිබූ 2023 අය වැය පසු විපරම් සමුළුව අමතමිනි.

“බාධක අභිබවා ඉලක්ක වෙත ළගා වීම” තේමාව යටතේ මෙය සංවිධානය කර තිබිණි. ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමේ දී රජයට පමණක් නොව, පෞද්ගලික අංශයට ද විශාල කාර්ය භාරයක් පැවරී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයේ අරමුණ ව්‍යාපාර කිරීම නොව සෞඛ්‍ය, අධ්‍යාපන, සුබසාධන වැනි ජනතා අවශ්‍යතා සපුරාලීම බව ද අවධාරණය කළේය.

Related posts

මෛත්‍රී තායිලන්තයේ සංචාරයක

Admin

රනිල්ගේ ප්‍රතිපත්ති මෙන්න

Admin

සඳුදා සිට බදාදා තෙක් විදුලිය විසන්ධි කරන වේලාවන් නිකුත් කෙරේ…

colombotoday

චීන තානාපති, හිටපු ජනපති හමුවෙයි

colombotoday

යූරියා ආනයනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 55ක ණයක්

colombotoday

මහින්දට එක්වෙනවානම් මෛත්‍රී අතහැර එන්නැයි ශ්‍රීලනිප 16 කණ්ඩායමට දන්වයි

colombotoday