Colombo Today Local News

කොළඹ – මහනුවර අධිවේගීයේ කොටසක් 28 වනදා ජනතා අයිතියට

කොළඹ – මහනුවර අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් ලබන 28 වැනි දා විවෘත කිරීමට නියමිත ව ඇත.

කිලෝමීටර් 40.91ක දිගින් යුත් මෙම කොටස මංතීරු හතරකින් සමන්විත වේ.

මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ආ අන්තර් හුවමාරු මධ්‍යස්ථාන පහකින් සමන්විත වන අතර,මීරිගම,නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානවල එම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන පිහිටුවා ඇතැයි ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු අනුර කෙහෙල් ඇල්ල මහතා පුවත් පතකට පවසා තිබේ.

ඉකුත් 2017 වසරේදී වැඩ ආරම්භ කරන ලද මෙම අධිවේගී මාර්ග කොටස ඉදිකිරීම සඳහා දේශීය බැංකු ණය අරමුදල් යටතේ රුපියල් කෝටි 13,700 ක පමණ මුදලක් වැය කර ඇතැයි ද ඔහු සඳහන් කර ඇත.

කොළඹ- මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුතු අදියර තුනක් යටතේ සිදුවන අතර,මෙලෙස ලබන 28 වැනි දා විවෘත කෙරෙන්නේ එහි දෙවැනි අදියර බව බව ඔහු පවසා සිටි. කඩවත සිට මීරිගම දක්වා කොටස එහි පළමු අදියර වන අතර,එහි දිග කි මී 37.09ක් වේ.

පොතුහැර සිට ගලගෙදර දක්වා කොටස එහි තෙවන අදියර වන අතර, එහි දිග කිලෝමීටර් 32.5 ක් වේ. එම අදියර දෙකේ කටයුතු ලබන 2024 දී නිම කිරීමට අපේක්ෂා කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩි දුරටත් සදහන් කර ඇත.

Related posts

ජනපති මෛත්‍රී උතුරු කොරියාවේ එළිපත්තටම යයි.. බැලස්ටික් මිසයිලයට ලිඛිතව විරෝධය දක්වයි

colombotoday

වටරැක බන්ධනාගාරයේ රැදවියන් 58ක් අතුරුදහන්

colombotoday

ආසාදිතයන් සංඛ්‍යාව 217 දක්වා ඉහළට

colombotoday

ජිනීවා සම අනුග්‍රහට ලංකාව බැඳ දැම්මේ මංගල සමරවීරයි. බලපෑම් ආවත් අපි ඉවත් වෙනවා – විමල් වීරවංශ

colombotoday

මාස 09 ට ලංකා IOC අලාභය මිලියන 650 ඉක්මවයි..

colombotoday

රාජ්‍ය මාධ්‍ය පක්ෂග්‍රාහීයි… ගුවන්විදුලි සභාපති, ජනමාධ්‍ය ලේකම් කථානායක හමුවට කැදවයි…

colombotoday