Colombo Today Local News

රථවාහන දඩ ක්‍රමය අලුත් වෙයි

රථවාහන දඩ මුදල් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ගෙවීම සිදුකිරීම සඳහා නීති සම්පාදනය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

ඒ පිළිබඳ සකච්ඡාවක් අද (16)දින අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

රථ වාහන වැරදි සම්බන්ධව දඩ මුදල් ගෙවීමේදී දැනට පවතින ක්‍රමවේදය පිළිබඳව අධ්‍යනය කර නව ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබදව එහිදී අවධානය යොමුව තිබෙන අතර ලබන වසරේ ජනවාරි මාසය වන විට එම ක්‍රමවේදය සකස්කිරීම පිළිබඳව එහිදී සකච්ඡා වී ඇති බව වාර්තා වෙයි.

රථ වාහන වැරදි සම්බන්ධ දඩ මුදල්, වරද සිදුකළ ස්ථානයේදීම ගෙවීම සිදුකළ හැකි පරිදි නීති සම්පාදනය කිරීම හා ඊට අවශ්‍ය ඩිජිටල් තාක්ෂණය යොදා ගන්නා ආකාරය පිළිබඳව එම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

එහිදී මේ සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය විශ්‍රාමික රියාද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාගේ අධීක්ෂණයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා මහ බැංකුව, මහජන බැංකුව, ලංකා CLEAR ආයතනය හා ICTA ආයතනය ආයතන නියෝජිතයන්ගෙන් සමන්විතව කමිටුවත් පත්කෙරිණි.

මෙම නව ක්‍රමවේදය පළමුව අධිවේගී මාර්ගයන් තුළ සිදු කිරීම පිළිබඳව සාකච්ඡා වූ අතර පසුව අනෙකුත් මාර්ග සදහා මෙම ක්‍රමය ක්‍රමයෙන් හදුන්වා දීය යුතු බව එහිදී සාකච්ඡා කෙරිණි.

Related posts

CNN 2020 වසරේ හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව නම් කරයි

colombotoday

පාන් අලෙවියේදී බර පැහැදිලිව සදහන් කල යුතුයි – නව ගැසට් නිවේදනයක්

Admin

බැසිල් වෙනුවෙන් ඉල්ලා අස්වෙන්න මන්ත්‍රීවරු දෙදෙනෙක් සුදානමින්…

colombotoday

මිලියන 220ක රත්‍රං සමග සනීපාරක්ෂක සේවකයෙකු අත්අඩංගුවට

colombotoday

පානීය ජල ගැටලු ඇත්නම් 117 අමතන්න

Admin

‘ජනපති මෛත්‍රී ඉන්නකල් රට සුරක්ෂිතයි.. බුද්ධාගම නැති කරනවායි කීම පාපකර්මයක්‘ – ශාන්ත බණ්ඩාර

colombotoday