Colombo Today Local News

රජිව් ගාන්ධි ඝාතනයෙන් නිදහස් වූ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයට වැරදිකරුවන් ව නිදහස ලැබූ සයදෙනා අතර සිටින ශ්‍රී ලාංකිකයන් හතරදෙනා මෙරටට එවීමට කටයුතු කරන බව තමිල්නාඩු බලධාරීන් ප්‍රකාශ කළ බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

එම ශ්‍රී ලාංකිකයන් හතර දෙනා නිදහස් වීමෙන් පසුව ට්‍රිචි හි සරණාගත කඳවුරක් වෙත රැගෙන ගිය බව ට්‍රිචි හි දිසාපති ප්‍රවීන් කුමාර් මහතා ප්‍රකාශ කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යංශයට මේ බව දැනුම් දී ඇති බවත් දැනටමත් විදේශ කටයුතු අමාත්‍යංශය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් මොවුන්ගේ පුරවැසිභාවය පිළිබඳ තහවුරු කරගැනීම සඳහා විමසා ඇති බවත් ප්‍රවීන් කුමාර් මහතා හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට පවසා තිබේ.

මෙම පුද්ගලයන් හතරදෙනා පිළිබඳ තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පිළිතුර ලැබෙන තෙක් බලා සිටින බව කුමාර් මහතා ප්‍රකාශ කර ඇත.

Related posts

හිටපු බුද්ධි ප්‍රධානී කපිල හෙන්දවිතාරණ අද පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබා දුනි

colombotoday

රට යනවනම් වැඩියෙන් ගෙවන්න වෙයි… පාස්පෝර්ට් එකත් අද සිට ගණන් උස්සයි

colombotoday

දෙදින නිල සංචාරය අවසන් කරමින් චීන ආරක්ෂක ඇමති දිවයිනෙන් පිටව යයි

colombotoday

බදුල්ලේදී මගී ප්‍රවාහන බස් රථය ප්‍රපාතයකට පෙරළෙයි

Admin

“දඩ බිමක්ව තිබෙන රට නැවතත් වැඩබිමක් කරමු” – මහින්ද රාජපක්ෂ

colombotoday

සුදා අත්අඩංගුවට

colombotoday