Colombo Today Local News

සජබේ උද්ඝෝෂණ ව්‍යාපාරය නවතන්නැයි පොලිසි 18ක් කල ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉවත දමයි

‘ජන බල වේගය කොළඹට’ යන මැයෙන් සමගිජන බලවේගය විසින් හෙට (16)දින කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය නවතා ලෙසට වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි පොලිසි 18ක් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (15)දින ප්‍රතික්ෂේප කළේය.

උද්ඝෝෂකයින් සෞඛ්‍ය නිති රිතී උල්ලංඝණය කරන්නේ නම්, පොලිස් බලතල ප්‍රකාරව ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියම කළ අධිකරණය පොලීසිය කළ ඉල්ලීම ඉවත දැමීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාව ප්‍රකාරව උද්ඝෝෂණයේ අයිතිය මහජනතාව සතුව ඇති බවත් කොරෝනා රෝගයට අදාළව සෞඛ්‍ය ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව යමෙකු එය උල්ලංඝණය කරන්නේ නම් ඒ සදහා පොලිස් බලතල පාවිච්චි කළ යුතුව ඇති බවත් අධිකරණය සදහන් කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ අටකින් පොලිස් ස්ථාන 20ක් මෙම ඉල්ලීම සිදුකර තිබූ අතර, ඉන් පොලිස් ස්ථාන 18කින් ඉදිරිපත් කළ ඉල්ලීම් එසේ ප්‍රතික්ෂේප විණී.

ඒ අනුව, බ්ලූමැන්ඩල්, කිරුළපන, නාරාහේන්පිට, බම්බලපිටිය, වේල්ලවිදිය, වැලිකඩ, ගොතටුව, මුල්ලේරියාව, මාලිගාවත්ත, වැල්ලම්පිටිය, බොරැල්ල, මෝදර, කුරුදුවත්ත, දෙමටගොඩ, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ, මට්ටක්කුලිය, කෙසෙල්වත්ත යන පොලිස් ස්ථාන 18න් කළ ඉල්ලීම් එලෙස ප්‍රතික්ෂේප විය.

Related posts

මොරගහකන්ද ගොවීන් අන්ත අසරණ කළ කාබනික වී වගාව

colombotoday

කසල කළමනාකරණය බිංදුවට වැටේ.. අගමැති නිල නිවස ඉදිරියේත් කුණු කදු ගොඩගැසේ !

colombotoday

CID අධ්‍යක්ෂට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්.

colombotoday

ආමාත්‍යවරු 18ක් අද දිවුරුම් දෙයි

colombotoday

සියළුම බස් ගාස්තු ඊයේ රාත්‍රියේ සිට වැඩවුණු හැටි මෙන්න

colombotoday

අමල් පෙරේරා බේරාගන්න පෙරටුගාමී උදුල් ඩුබායි යයි…

colombotoday