Colombo Today Local News

ඉන්ධන අර්බුදය විසඳන්න මිල සංශෝධනය ප්‍රමාණවත් නෑ මිල සූත්‍රයක් අත්‍යවශයයි – ශ්‍රී ලංකා මහ බැංකුව

රාජ්‍ය බැංකු පද්ධතියේ ස්ථාවරත්වය පවත්වාගෙන යෑම සඳහා ඉන්ධන වෙනුවෙන් මිල සූත්‍රයක් අත්‍යවශය වන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

මෑත කාලීන ගෝලීය බොරතෙල් මිල ගණන් ඉහළ යෑමේ ප්‍රවණතාව සහ වසරේ ඉතිරි කාලයේ මෙම තත්ත්වය අඛණ්ඩව පැවැතිය හැකි බවට පළකෙරෙන අනාවැකි හේතුවෙන් ඉන්ධන අර්බුද විසඳීම සඳහා මිල සංශෝධනය පමණක් ප්‍රමණවත් නොවන බවද මහ බැංකුව පෙන්වා දෙයි.

‘මෑත කාලීන ආර්ථික ප්‍රවණතා’ නමින් ශ්‍රී ලංකා මහ බැංකුව පෙරේදා (10)දින නිකුත් කළ නවතම වාර්තාව ඔස්සේ මෙලෙස ඉන්ධන වෙනුවෙන් නව මිල සූත්‍රයක අනිවාර්ය අවශ්‍යතාව පෙන්වා දී ඇත.

මෙවැනි මිල සූත්‍රයකින් මිලදී ගැනීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය වැඩි කළ හැකි අතර ඉන්ධන මිල ගණන් පිළිබඳව සාමාන්‍ය ජනතාව පවතින පිළිගැනීමද වැඩිදියුණු කළ හැකි බව මහ බැංකුව පවසයි. එසේම නිශ්චිත මිල සූත්‍රයක් මගින් ගෝලීය වෙළෙඳපොළේ ඕනෑම මිල පහත වැටීමක ප්‍රතිලාභ පාරිභෝගිකයා වෙත ක්ෂණිකව ළඟා කරදිය හැකි බවද මහ බැංකුව සිය වාර්තාවෙන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Related posts

ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය සමග ගුවන් යානයක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට !!

colombotoday

විශේෂඥ වෛද්‍ය සංගමයෙන් ලිපියක්… වෛද්‍ය එස්.සී.ආර් පෙරේරාට මැර ප්‍රහාරයක්

Admin

සජබ වඩිවේල් ජනාධිපති උපදේශක කරයි

Admin

කොරතොටදී වෙඩි තබා පලායාමක්

Admin

තෙත් බිම් උද්‍යාන නවීන තාක්ෂණය ඔස්සේ ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව බැද්දගාන උයනට කිව්.ආර් කේතයක්

Admin

බදුල්ල මහ නගර සභාවේ කටයුතු අත්හිටුවයි

colombotoday