Colombo Today Local News

ක්ෂේත්‍ර කිහිපයකට ලැබෙන අයවැයේ කොවිඩ් සහන මෙන්න

කොවිඩ් -19 වසංගතයෙන් බලපෑමට ලක්වු ක්ෂේත්‍ර කිහිපයකට මෙවර අයවැයෙන් සහන සලසා ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව යෝජනා වී ඇති සහන පහතින් දැක්වේ.

  • ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ට අමතරව තවත් රුපියල් මිලියන 5,000ක ප්‍රතිපාදන වෙන් කෙරේ.
  • රට වසා තිබු කාලය තුළ ආදායම් අහිමි වු පාසල් වෑන් රථ හිමියන් ට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 400ක මුදලක් වෙන් කෙරේ.
  • රට වසා තැබු කාලය තුළ ආදායම් අහිමි වු ත්‍රීරෝද රථහිමියන් ට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 600ක් වෙන් කිරීමට යෝජනා කර තිබේ.
  • රට වසා තැබු කාලය තුළ ආදායම් අහිමි වු පෞද්ගලික බස් රථ හිමියන් ට සහන සඳහා රුපියල් මිලියන 1500ක මුදලක් වෙන් කෙරේ.
  • රට වසා තැබු කාලය තුළ ආදායම් අහිමි වු විශේෂ ක්ෂේත්‍ර සඳහා එනම් කලා නිර්මාණ සහ විනෝදාස්වාදය මත පදනම් ව ක්ෂේත්‍ර සහ උත්සව සේවා සැපයු අංශවල වෘත්තීය කටයුතු කඩිනමින් නැවත ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කෙරේ.
  • ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් දිළිඳු තත්ත්වයේ පසුවන පවුල් සඳහා සහන මල්ලක ලබාදීමේ වැඩසටහන සඳහා රුපියල් මිලියන 15,000ක් වෙන්කරයි.

Related posts

Video – පකිස්ථානයේ විශ්වවිද්‍යාලයකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් – 30ක් මරුට

colombotoday

සහරාන් හෂීම් යටතේ මරාගෙන මැරෙන පුහුණුව ලැබූ කතුන් දෙදෙනෙක් තාම නිදැල්ලේ

colombotoday

නව වසරේ ජනපතිගේ අපෙක්ෂාව !

colombotoday

එජාප-ශ්‍රීලනිප අවුල ලිහා යහපාලන දීගය රැකගන්න තානාපති මෙහෙයුමක්

colombotoday

සෞඛ්‍ය ඇමති කෙහෙළිය මහනුවරදී හූ හඬ මැද පැන දුවයි

Admin

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීමේ

colombotoday