Colombo Today Local News

තේ ප්‍රතිඅපනයනය ඉහළගොස් ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍යක්

තේ ප්‍රතිඅපනයනය ඉහළගොස් ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව තේ අලෙවි මණ්ඩලය පවසයි.

ආනයනික තේ මෙරට තේ සමග මිශ්‍රකර ප්‍රතිඅපනයනය කිරීම සඳහා අවසර ලබාදී ඇති බවට පැතිර යන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි සභාපති ජයම්පති මොල්ලිගොඩ මහතා ඒ බව ප්‍රකාශ කර ඇත.

මෙරට තේ නිෂ්පාදනයෙන් 90%කට වැඩි ප්‍රමාණයක් සාම්ප්‍රදායික කළු තේවලින් නිෂ්පාදනය කරන බව ඔහු සඳහන් කළේය.

මෙරට තේ නිෂ්පාදනය පසුගිය වසර 05ක කාලය තුළ සාමාන්‍යය ලෙස කැපී පෙනෙන ඉහළයාමක් සිදුව ඇති බව ද ජයම්පති මොල්ලිගොඩ පෙන්වා දුනි.

80 දශකයේ සිට මෙරටට තේ ආනයනය කර අගයක් එකතුකර ප්‍රතිඅපනයනය සඳහා අවසර ලබාදී තිබුණි.

එහෙත් එහිදී ආනයනය සඳහා අවසර ලබාදී ඇත්තේ විශේෂිත වූ කාණ්ඩවලට අයත් තේ සඳහා පමණක් බව තේ අලෙවි මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ මහතා සඳහන් කළේය.

Related posts

දේවාලයට ගිය අයෙක් කපුවාගේ පහරකෑමෙන් මරුට – කාන්තාවක් රෝහලේ

Admin

යහපාලනය ගැන කලකිරුණු ප්‍රබල ඇමති 4ක් මහින්ද හමුවෙයි

colombotoday

වසර 18කට පසු ලංකා සිතියම වෙනස් වෙයි.. දකුණ, නැගෙනහිර වෙරළේ වෙනසක්..

colombotoday

“ලාච්චුව ඇරල දෙනව වගේ සල්ලි දෙන්න බෑ.. උද්ඝෝෂණය අසාධාරණයි“ ආරක්ෂක ලේකම්

colombotoday

උතුරේ දිස්ත්‍රික්ක 05 තුළ ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

colombotoday

උසස් පෙළටත් පෙළපොත් !

colombotoday