Colombo Today Local News

2015 වසරේ ස්‌ත්‍රී දූෂණ 1854 ක්‌ – 16 ට අඩු ගැහැනු දරුවන් 1209 ක් කැමැත්තෙන් දුෂණය වෙලා

පසුගිය වසරේ (2015) මුල් මාස 11 තුළදී ස්‌ත්‍රී දූෂණ 1854 ක්‌ සිදුවී ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

ඒ අනුව වයස අවුරුදු 16 ට අඩු ගැහැනු දරුවන් 1501 දෙනකු දූෂණයට ලක්‌වී ඇති බවත්, ඉන් 1209 දෙනකුම දූෂණයට ලක්‌වී ඇත්තේ ඔවුන්ගේ කැමැත්ත මත බවත් හෙළිවිණැයිද ඒ මහතා කීය.

පසුගිය වසරේ (2015) පළමු මාස 11 තුළ සිදුවූ ස්‌ත්‍රී දූෂණවලින් 1717 ක්‌  අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණවලට ඉදිරිපත් කර තිබෙන බවද පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එසේම 2014 වසරේදී සිදුවූ මුළු ස්‌ත්‍රී දූෂණ සංඛ්‍යාව 2008 ක්‌ බවද හෙතෙම කීය.

එමෙන්ම 2015 වසරේදී ශ්‍රී ලංකාව තුළ සෑම මාසයකදීම ස්‌ත්‍රීන් 168 දෙනකුට ආසන්න පිරිසක්‌ දූෂණයට ලක්‌වී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද කියා සිටියේය.

“දැන් මේ අවුරුදු 16 ට අඩු ගැහැනු දරුවන් දූෂණයට ලක්‌වීම සම්බන්ධයෙන් සමස්‌ත සමාජයම වගකියන්න ඕනෑ. විශේෂයෙන් අධ්‍යාපනය, ආගම, සමාජය මේ අප සියලු දෙනා විශේෂයෙන්ම මේ තත්ත්වයට වගකියන්න ඕන දෙමාපියන්. වයස අවුරුදු 16 ට අඩු ගැහැනු දරුවන් පාසල් ගියාම හෝ වේවා නිවසින් පිටතට ගියවිට හෝ වේවා ඔවුන් මොනවද කරන්නේ කියලා දෙමාපියන් නිරන්තරයෙන්ම අවදියෙන් සිටිය යුතුයි.”

Related posts

ලොරි චැසි බස්වලට තිත !

colombotoday

ආගමික හිමිවරු සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථානගත කරන්නේ නෑ- ඩලස්

colombotoday

ෂැංග්‍රීලා හෝටලය වසා දැමේ…

colombotoday

මහ රජාණෝ යුද්ධෙ දිණුවේ තනියම නෙවෙයි.. දස මහ යෝධයෝ වගේ අපි හිටිය

colombotoday

මහින්ද සාඨකේ එල්ලන ෆොන්සේකාගේ කතාවට නාමල්ගෙන් සැර පිළිතුරක් (Video)

colombotoday

අගමැති, ජනපතිට අවි අමෝරයි !

colombotoday