Colombo Today Local News

නිවෙසක් කොල්ලකෑමට ආ පාතාල කල්ලි සාමාජිකයෙකු ප්‍රදේශවාසීන්ගෙන් මැරුම් කයි

මුල්ලේරියාව ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට පැමිණි පාතාල කල්ලි සාමාජිකයෙකුට ප්‍රදේශවාසීන් සිදුකළ පහරදීමකදී ඔහු මියගොස් තිබේ.

පොලිසිය පැවසුවේ ඔහු ඌරු ජුවා නම් පාතාල කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු බවය.

මුල්ලේරියාව, චන්ද්‍රිකා මාවත ප්‍රදේශයේ පිහිටි නීතිවිරෝධී ලෙස මත්පැන් අලෙවිකරන නිවසකට ඊයේ (31) රාත්‍රියේ නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ එම නිවැසියන් සිරකර තර්ජනය කරමින් ඔවුන්ගෙන් මුදල් හා රන් භාණ්ඩ ඉල්ලා තිබුණි.

පොලිසිය පැවසුවේ පැය දෙකහමාරකට ආසන්න කාලයක් සැකකරුවන් එම නිවස තුළ රැඳී සිට ඇති අතර එම අවස්ථාවේ නිවැසියෙකු ඉන් පිටතට පැමිණ කෑ ගසා ඒ පිළිබඳව අසල්වාසීන් දැනුවත්කර ඇති බවය.

එම අවස්ථාවේදී නීතිවිරෝධී මත්පැන් මිලදී ගැනීමට එහි පැමිණි පිරිසක් විසින් අදාළ පුද්ගලයන් දෙදෙනාව අල්ලා ගැනීමට උත්සාහ කර ඇති අතර එක් අයෙකු යතුරු පැදියක නැගී පළාගොස් තිබුණි.

එහිදී අනෙක් පුද්ගලයාව අල්ලාගත් පිරිස ඔහුට දැඩි ලෙස පහරදී ඇති අතර ඉන් ඔහු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

ඔහු ඝාතන සිද්ධියකට රක්ෂිත බන්ධනාගාර ගත කර සිට පසුගිය මාසයේදී නිදහස ලැබූ අයෙකි.

මොහු විසින් කොල්ලකෑමට ගිය නිවස මියගිය තවත් පාතාල කල්ලි සාමාජිකයෙකු වන සොල්ටා නැමැත්තාගේ පෙම්වතියගේ නිවස බවද වාර්තා විය.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධික්ෂණය යටතේ මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

මාපියන්ගේ දෑසින් මිදුනු පුංචි පුතු රබර් පටියකට ගෙල සිරවී වී අවසන් ගමන් යයි

Admin

“ව්‍යවස්ථාවෙන් සුළු ජාතික උවමනා ඉටුකළොත්, යුද අපරාධ චෝදනා ඉවත්කරගන්නවා“ – බටහිර රටවල් දන්වයි

colombotoday

“සාම කාලයේදීවත් මම ත්‍රස්‌තවාදීන්ට අතට අත දුන්නේ නැහැ“ ප්‍රභාකරන්ව මැරූ 53 සේනාකාධිපති සමග කතාබහක්!

colombotoday

කොටුගොඩ වෙඩි තැබීමක් – පුද්ගලයෙක් මරුට

Admin

කොරෝනා වෛරස ව්‍යාප්තියේ අධි අවදානම් කලාප මෙන්න..

colombotoday

හබරාදූවේ වෙඩි තැබීමක්

Admin