Colombo Today Local News

අලුත් අවුරුද්දට අඩු ආදායම්ලාභීන් දෙන 5000 දීමනාව අද සිට

අඩු ආදායම්ලාභීන් සඳහා රුපියල් 5000ක දීමනාව ලබා දීම අද(12)දින සිට ආරම්භ වන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

සමෘද්ධිලාභී පවුල්, අඩු ආදායම්ලාභීන් ලෙස හඳුනාගෙන ඇති පවුල්,
වැඩිහිටි දීමනාව ලැබෙන පුද්ගලයින් සිටින පවුල්,
ආබාධිත දීමනාව ලබන පුද්ගලයින් සිටින පවුල්,
වකුගඩු රෝගී තත්ත්වය හේතුවෙන් දීමනා ලබන පුද්ගලයින් සිටින පවුල්,
සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන පුද්ගලයින් සිටින පවුල් සහ
ඉහත සඳහන් පවුල් කාණ්ඩ 06 යටතේ අභියාචනා ඉදිරිපත් කර ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූ පවුල් සඳහා එම දීමනාව ලබාදීමට නියමිත
ය.

සියලුම සමෘද්ධි නිලධාරින් අඩු ආදායම්ලාභීන් වෙත එම දීමනාව ලබා දීමේ කටයුතු සඳහා අද සිට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ය.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ප්‍රතිලාභීන් ලක්ෂ 30 කට ආසන්න සංඛ්‍යාවකට එම දීමනාව ලබා දීමට නියමිත බවය.

Related posts

තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමි ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

නව කෝපා සභාපති

Admin

ජනපතිගෙන් විදේශ ඇමතිට දොස්මුරයක්…

colombotoday

වරායේ සේවකයන් දෙදෙනකුට කොරෝනා.. පැත්තක් වසා දමයි

colombotoday

ඩීසල් හිඟය හමුවේ තේ කර්මාන්ත ශාලා රැසක මෙහෙයුම් නවතී

colombotoday

චම්පික නංගි පෙන්වා අක්ක දීලා.. මිලියන 169ක වංචාවක් ! මරික්කාර්ගෙන් ජනපතිට පැමිණිලි

colombotoday