Colombo Today Local News

“කොළඹ බල්ලන් දහසය දාහක් විතර ඉන්නවා.. ගවයෝත් දෙදාහකට වැඩියි” – ඇමති චම්පික

champikaදැනට වාර්තාවන සංඛ්‍යාලේඛනවලට අනුව කොළම පාරවල සුනඛයන් දහසය දහසක් පමණ හා ගවයන් දෙදහසක් පමණ සිටින බව මහ නගර හා බස්නාහිර සවංර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ෆර්ගියුසන් පාර “මුවදොර උයන” නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” සුනඛයින් 4000ක් මීතොටමුල්ල කුණු කන්ද ආශ්‍රිතව සිටින බවත්, කොළඹ ආශ්‍රිතව ගවයින් මෙපමණ සංඛ්‍යාවක් ඇතත් කුඹුරු ඉඩම් අගලක්වත් නැතැයිද පෙන්වා දුන්නේය.

පසුගිය කාලය තුළ කොළඹ නගරයේ ජනගහණය වැඩිවීමක් සිදුව නැති බවත්, කොළඹ නගරයේ ජනගහණය වැඩි වී ඇත්තේ පිටතින් පැමිණෙන පිරිස් අවිධිමත් ලෙස පදංචි වීම නිසා බවත්,
විධිමත් නාගරික සැලැස්මක් තුළින් දැනට කොළඹ ඇති වාහන තදබදයට විසඳුමක් ලබාදීමට බලාපො‍රොත්තු වන බවත්, හෙතෙම කීවේය.

එසේම කොළඹ ආශ්‍රිතව හොඳම ක්‍රීඩාංගණ, විශාල ප්‍රමාණයේ ශාලා ඇතුළු අනෙකුත් පහසුකම් ඇති නමුත් පැල්පත්වාසී ජනතාව අතුරින් කිසිවෙකුත් ඉදිරියට පැමිණ නැති බවත්, ඊට හේතුව එම ප්‍රදේශ සමාජයීය වශයෙන් දියුණු වී නැතිවීම බවත්, ඇමතිවරයා පැවසීය.

2030 වන විට මෙරට ජනගහණය මිලියන 30ක් වෙතැයි අපේක්ෂා කරන බවත්, නිවාස ගැටලුව සඳහා විධිමත් නාගරික සැලැස්මක් තුළින් විසඳුම් සෙවිය යුතු බවත්, පැවසූ ඇමතිවරයා පැල්පත්වාසීන් පදිංචිව සිටි ඉඩම් පිටරැටියන්ට විකුණන්නේ නැතැයිද වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

යුගදනවි පෙත්සම සළකා බැලීමට දින නියම කෙරේ

colombotoday

හොරොවුපතාන රක්‍ෂිතයෙත් මහා වන විනාශයක්

colombotoday

ආරච්චිකට්ටුව පොලීසිය තාවකාලිකව වැසෙයි

colombotoday

විශේෂඥ පට්ටමක් නිසා නියෝජ්‍ය කතානායකටත් ලෙඩක්

Admin

ත්‍රිපෝෂ නිෂ්පාදනය යළි අරඹන්න ලෝක ආහාර වැඩසටහනෙන් ආධාර

colombotoday

ලක්ෂ 10කට වැසිකිළි නෑ… වැසිකිළි හදන්න බිලියන 4ක් වෙන් කරයි… නඩත්තුව පුද්ගලික අංශයට

colombotoday