Colombo Today Local News

“සීමා ඉවත් කිරීම කොවිඩ් ඉවරයි කියන සහතිකය නොවෙයි.. බුද්ධිමත්ව කටයුතු කරන්න”

යම් යම් සංචරණ සීමා ඉවත් කිරීම රටින් කොවිඩ් ඉවත්වූ බව පෙන්වන සහතිකයක් නොවන බවත් ඒ ආකාරයට වැරදි අදහසක් ගෙන කටයුතු නොකරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොවිඩ් ආසාදිතයන් තවමත් හමුවන පසුබිමක ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කරයි.

අද පවතින ප්‍රතිඵල ළඟා කරගෙන ඇත්තේ ජනතාව බොහෝ සේ කැපවීම් කිරීමෙන් බව පැවසූ යුද හමුදාපතිවරයා ජනතාව බුද්ධිමත් ආකාරයට කටයුතු කළ නිසා කොවිඩ් පැතිරීම මේ ආකාරයට පාලනය කර ගැනීමට හැකිවූ බවද පෙන්වා දෙයි.

රටේ යම් යම් සීමා ඉවත් කරනු ලැබූවේ ජනතාවට සහන සැලසීම සඳහා යැයිද ශවේන්ද්‍ර සිල්වා මහතා කීය.

කොවිඩ් ආසාදිතයන් දිනපතා හමුවන නිසා ජනතාව මුව ආවරණ පැළඳ නිවෙස්වලින් පිටතට පැමිණීම වැදගත් බවත් එසේ කටයුතු නොකළහොත් අවදානම් තත්වයන් යළි ඇති විය හැකි බවද ඔහු පවසයි.

මේ අතර රටේ ජනතාවගෙන් බහුතරයකට එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති බව පැවසූ යුද හමුදාපතිවරයා වයස 16 ට වැඩි සියලු දෙනාට මාත්‍රා එකක් හෝ ලබා දී ඇතැයිද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා යුද හමුදාව සදහා කොවිඩ් මර්ධන එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදීම යුධ හමුදාපතිවරයාගේ ප්‍රධානතත්වයෙන් යුධ හමුදා රෝහලේදී අද (01)දින ආරම්භ විය.

Related posts

අරගල භූමියේ ඉදිකිරීම් ඉවත් කිරීමෙන් වළකින බවට නීතිපතිගෙන් ප්‍රතිඥා

colombotoday

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 523 දක්වා ඉහළට. දිනක් තුල වාර්තා වූ ඉහලම අගය රෝගීන් 63 ක් වාර්තා වෙයි.

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහතට

colombotoday

IMF සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව අද වොෂින්ටන් නුවරදී ඇරඹෙයි

colombotoday

රාජ්‍ය පරිපාලන නව ලේකම් පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Admin

සිමෙන්ති ප්‍රවාහන නෞකාවක් අනතුරකට ලක් වෙයි

colombotoday