මිල වැඩි කිරීමකින් තොරව බදු සංශෝධන හෝ වෙනත් යෝග්‍ය ක්‍රියාමාර්ගයක් ගෙන, කිරිපිටි ආනයනය කර වෙළඳපොලට සැපයීම තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ බලය අමාත්‍ය මණ්ඩලය විසින් මුදල් අමාත්‍යවරයාට පවරා තිබේ.
එමෙන්ම ආනයනික කිරිපිටි මත පනවා ඇති බදු සම්පූර්ණයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.