Colombo Today Local News

නව බන්ධනාගාරය ඉදිකිරීමට නියමිත හොරණ, මිල්ලෑව වතු යායට අයත් භූමිය ජනපතිගේ නිරීක්ෂණයට‍

බොරැල්ලේ පිහිටි බන්ධනාගාර සංකීර්ණය රැගෙන යාමට නියමිත යෝජිත හොරණ, මිල්ලෑව වතු යායට අයත් භූමිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.

අධික තදබදය, භාහිරව බලපා ඇති වෙනත් සාධක හේතුවෙන් අබලන්ව ඇති පැරණි බන්ධනාගාර ගොඩනැඟිලි, වෙනත් ස්ථානයකට ගෙන යාමේ අවශ්‍යතාව දීර්ඝ කාලයක සිට පැවතුන බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය සතු හොරණ, මිල්ලෑව වත්තෙන් අක්කර 200ක භූමි ප්‍රමාණයක් නව බන්ධනාගාර සංකීර්ණය ඉදිකිරීමට වෙන්කර ඇත.

බන්ධනාගාර සංකීර්ණය සහ එහි වත්මන් තත්ත්වය වීඩියෝ දර්ශනයකින් ඉදිරිපත් වූ අතර බන්ධනාගාර කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරායව දැනුවත් කර තිබේ.

ඒ අනුව එම පරිශ්‍රය තුල වැලිකඩ බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, නව මැගසින් බන්ධනාගාරය, බන්ධනාගාර රෝහල, පුහුණු පාසල, බන්ධනාගාර බුද්ධි අංශය සහ ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව ඉදිකිරීමට නියමිතය.

කෙසේ වෙතත් “සිපිරි සුවසෙත් උදාන” මිල්ලෑව රැඳවුම් හා විශෝධන මධ්‍යස්ථානය ලෙසින් නම් කර ඇති එම ව්‍යාපෘතිය සඳහා මහ භාණ්ඩාගාරයෙන් මුල්‍ය ප්‍රතිපාදන වෙන් නොකිරීම විශේෂත්වයක් වෙයි.

මේ අනුව එම ප්‍රදේශයේ පුද්ගලයන්ට අහිමි වන දේපළ වෙනුවෙන් වන්දි සහ නිවාස ලබා දීමට කඩිනම් පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

Related posts

කැබිනට් මණ්ඩලය අධීක්ෂණයට කමිටුවක්

Admin

අපි ගන්න ණය නාස්ති කරන්නේ නෑ

Admin

කාන්තාවන්ට මැරපාට් දැමූ අයෙක් හතරහන්දී කඩන් රෝහලෙන් නතරවෙයි

colombotoday

බිළිඳුන් විකිණූ ජාවාරම්කරුට ඇප

colombotoday

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ පුද්ගලයින් 49 දෙනෙකු කොරෝනා. PCR කර ඇත්තේ 100 දෙනෙකුට පමණයි

colombotoday

වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි 630 ඉක්මවයි

colombotoday