Colombo Today Local News

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව : පීඩාවට පත් ධීවරයින්ට වන්දි දෙන්න මිලියන 420 ක් වෙන් කරයි

මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑමෙන් පීඩාවට පත් ධීවරයින් සඳහා අතුරු වන්දියෙන් ලද මුදල්වලින් සහ රජයේ මැදිහත්වීමෙන් රුපියල් මිලියන 420 ක් වෙන්කර තිබේ.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ අලි සබ්රි මහතා පැවසුවේ, අතුරු වන්දියෙන් ධීවර ජනතාව සඳහා රුපියල් මිලියන 200ක් නෞකා සමාගම මෙරටට ලබා දී ඇති බවයි.

එම මුදලට අමතරව තවත් රුපියල් මිලියන 220ක් ඇතුළත් කර පීඩාවට පත් ධීවරයින්ට වන්දි දෙන බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර, නෞකාවේ බලපෑමෙන් පීඩාවට පත් ධීවරයින්ට වන්දි ගෙවීම ලබන සතියේ ආරම්භ කරන බව, ධීවර අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසුවේ, ඊට අදාළ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවය.

මේ අතර, නෞකාවේ බලපෑමෙන් මියගිය බවට සැක කරන කැස්බෑ සත්ත්වයින් 200කට අධික පිරිසකගේ සිරුරු මේ වනවිට හමුව තිබේ.

ඒ හේතුවෙන්, මියගොස් ඇති ඩොල්ෆින් සත්ත්වයින් ගණන 20කට අධිකය.

තල්මසුන් 06 දෙනෙකු ද, නෞකාවේ බලපෑමෙන් මියගොස් ඇති බවට සැකකරන බව, වනජීවි අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

Related posts

අණ නොතකා ගිය ත්‍රීරෝද රථයකට වෙඩි – පුද්ගලයින් දෙදෙනෙක් පැන යයි

Admin

බන්ධනාගාර බස් රථයට පාර්සලයක් විසිකළ පුද්ගලයා ලුහුබැඳ ගොස් අල්ලයි

colombotoday

එජාපයට චෝදනා කිරීමෙන් පලක් නෑ.. ජනපති වහා ඉල්ලා අස්විය යුතුයි – ජවිපෙ කියයි

colombotoday

බදියුදීන් මැගසින් බන්ධනාගාර ප‍්‍රධානීයාගෙන් සැප ඉල්ලයි

colombotoday

අවම බලය ඉක්මවා අවශ්‍ය බලය යොදාගැනීමට යුද්ධ හමුදාවට බලතල

colombotoday

පාර්ලිමේන්තු භෝජනාගාරය වසා දමන බවක් අප කිවුවේ නෑ

Admin