වවුනියාව නගරයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතන පහකට පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් සීල් තබා තිබේ,
මෙම මූල්‍ය ආයතන පවත්වා ගෙන යෑමේදී සංචරණ නීති සහ නිරෝධායන නීති උල්ලංඝනය නොකොට පවත්වා ගෙන යන ලෙසත් එක් වරකට අඩු ගණුදෙණුකරුවන් පිරිසක් මූල්‍ය ආයතන තුළට කැඳවන ලෙසත් මීට පෙර දැනුම් දී තිබුණද එම නීති කිසිවකට මූල්‍ය ආයතන නිලධාරින් අවනත නොවීම නිසා සීල් තබා තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.