ඊසානදිග තායිලන්තයේ පෙර පාසැල් ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 34 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තුවක්කුකරු වෙඩි තැබීමෙන් පසු සියදිවි නසා ගෙන ඇති බවත්, ඔහු හිටපු පොලිස් නිලධාරියෙකු වන Panya Khamrab ලෙස හඳුනාගෙන ඇති බවත් වාර්තා වී තිබේ.
මියගිය අය අතර ළමුන් 20කට වැඩි පිරිසක් සිටින බවත්, අවුරුදු දෙකක තරම් කුඩා දරුවන් මිය ගිය පිරිස අතරට ඇතුළත් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.