හික්කඩුව ප්රධාන පෙළේ ජාතික පාසලක භූමිය තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමකින් හොරයින් මත්කුඩු සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය සන්තකයේ තිබී මත්කුඩු ග්රෑම් 8 මිලි ගෑම් 229 පොලිසිය භාරයට ගෙන ඇත.
කලයක් තිස්සේ පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් හෙරොයින් මත්කුඩු ජාවාරම් කරන බවට ලද තොරතුරක් අනුව පොලිස් විශේෂ කාර්යය බලකා රත්ගම කඳවුරේ නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු විසි දෙකක් වන හික්කඩුව කළුපෙ ප්රදේශයේ පදිංචිකාරියකි.
සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා හික්කඩුව පොලීසිය වෙත භාර දී ඇත.