Colombo Today Sports News

ගුවන් ටිකට්පත් වෙන් කර දෙන්න බැරි වුණු බලධාරීන් නිසා ආසියානු පාපන්දු තරඟාවලිය ලංකාවට අහිමි වෙයි

වයස අවුරුදු 17න් පහළ ආසියානු පාපන්දු ශූරතා තරගාවලියේ පළමු කොටසේ තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 03වනදා උස්බෙකිස්තානය බලා පිටත්ව යාමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩකයින් 23 දෙනෙකු සහ නිලධාරීන් 05 දෙනෙකු මෙම තරගාවලිය සඳහා පිටත්ව යෑමට සූදානම්ව සිටි අතර අදාළ ගුවන් ටිකට්පත් වෙන් නොකිරීම හේතුවෙන් ඔවුන්ට එම තරගාවලිය අහිමිවී තිබේ.

යොවුන් ක්‍රීඩකයින්ට මෙම අගනා අත්දැකීම අහිමිවී ඇත්තේ, පාපන්දු සම්මේලනය තුළ වර්තමානයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙනි.

මෙහි ඇති තවත් කරුණක් වන්නේ ක්‍රීඩකයින්ට තරගාවලිය අහිමි වෙද්දී ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට රුපියල් ලක්ෂ 70ක දඩයක්ද ගෙවීමට සිදුවීමය.

මේ අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට හැකි වනපරිදි දැනට නිකුත් කර ඇති ගැසට් නිවේදනය සංශෝධනය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය ඊයේ (04)දින අභියාචනාධිකරණය හමුවේ එකඟතාව පළ කළේය.

ඒ එම සම්මේලනයේ නිල කාලය දීර්ඝ කිරීමේ තීරණය අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා එම සම්මේලනයේ සභාපතිවරයා සහ ලේකම්වරයා ගොනු කළ රිට් පෙත්සම් අභියාචනාධිකරණය හමුවේ ඊයේ(04) දින කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

Related posts

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු කණ්ඩායමෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

නායකත්වය තිසරට. නම් කරන ලද ශ්‍රී ලංකා T20 කණ්ඩායම

colombotoday

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර තීරණාත්මක තරගය අද

Admin

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

colombotoday

එක්දින තරගාවලිය පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට දඩයක්. ධනුෂ්කට විනය චෝදනා

colombotoday

ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩාංගන දෙකකදී

colombotoday