Colombo Today Local News

“විධායකය අහෝසි කරන මුවාවෙන් රටේ ඒකීයභාවය අහෝසි කිරීමේ මෙහෙයුමක්” ව්‍යවස්ථා සංශෝධනයට ඒකාබද්ධ විපක්‍ෂ විරෝධය

ct22ජනවාරි 9 වනදා ආරම්භ කරන්නට යන ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට විරෝධය දැක්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙන බව වාර්තා වනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව පෙන්වමින් රටේ ඒකීයභාවය අහෝසි කරන්නට නව ව්‍යවස්ථා සංශෝධනය හරහා උත්සහායක් පවතින බවයි ඒකාබද්ධ විපක්ෂයේ මතය වී තිබෙන්නේ.

ලබන සතියේදී පාර්ලිමේන්තු සංකීර්ණයේදී පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීමක්‌ පැවැත්වීමට ද ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර ඇත.

මේ අතර ආණ්ඩුව විසින් පිහිටුවීමට යන ව්‍යවස්ථාදායක සභාව මුළුමනින්ම නීති විරෝධී බවත්, ඒකාබද්ධ විපක්ෂය එයට විරුද්ධව දේශපාලන අරගලයකට නායකත්වය දිය යුතු බවත් මහාචාර්ය නලින් ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත.

”යම්කිසි ආකාරයකින් අවුල් ආණ්ඩුව ව්‍යවස්ථාදායක සභාවක් නීති විරෝධීව හා ව්‍යවස්ථා විරෝධීව ඇතිකළත් එය වර්ජනය කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය නායකත්වය දීය යුතුයි.” නලින් ද සිල්වා මහතා අවධාරණය කර සිටියි.

Related posts

කංසා වගා කළා නම් අපි IMF යන්න ඕනේ නෑ

colombotoday

මහ බැංකුවට නව සහකාර අධිපතිවරු සිව්දෙනෙක්

colombotoday

බස් ගාස්තු 30% කින් ඉහළට

colombotoday

වාහන වෙන්දේසියේ

Admin

ජනාධිපතිවරණයට පෙර කරුණා අම්මාන් ඝාතනය කිරීමට කිලිනොච්චියේ සිට අවි ආයුධ ප්‍රවාහනය කරලා

colombotoday

රිය අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු ජිවිතක්ෂයට

colombotoday