Colombo Today Local News

රජයේ ප්‍රමුඛ අරමුණ ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

පැල්පත්වලින් තොර රටක් බිහිකර දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

අද (03) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති 36 වන ලෝක ජනාවාස දින ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කලේ ලෝක ජනාවාස දින සැමරුමට සමගාමීව මෙහිදී නිවාස හිමිකම් ඔප්පු 650ක් ද ප්‍රදානය කළ බවයි.

මිනිස් ජීවිතවල ආරක්ෂාව, දියුණුව සහ බලාපොරොත්තු ඇති නිවසක දරුවන්ගේ අනාගතය ගොඩ නැගිය හැකි වාතාවරණය බිහිකිරීමට රජය කැප විය යුතු බව මෙහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩි දුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත වතු 1,200ක් සඳහා ස්ථීර නිවාස වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිත බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එහිදී සඳහන් කළේය.

Related posts

ඕනම උදව්වක් කරන්න චීනය ලෑස්තියි – චීන නියෝජ්‍ය විදේශ ඇමති ජනපතිට දන්වයි

colombotoday

ජයම්පතී වික්‍රමරත්න ද්‍රවිඩ සන්ධානයේ කාමරයට වී හැදූ බියකරු ලියවිල්ල

colombotoday

ප්‍රවීණ ගායක පෝල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

colombotoday

අද – හෙට විදුලි කප්පාදු කාලසටහන මෙන්න

Admin

ඔබට සතියකට හිමිවන තෙල් ප්‍රමාණය දැනගන්නේ මෙහෙමයි

colombotoday

රිෂාඩ් යළි රක්ෂිත බන්ධනාගාරයට

colombotoday