World

මෝදි ආරක්‍ෂක අවදානම නොතකා පකිස්ථානයට

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය නත්තල් දිනයේ පාකිස්‌තානයේ ලාහෝර් නුවරට පැමිණීම දැඩි අවදානම් ක්‍රියාවක්‌ බව ඉන්දීය ආරක්‌ෂක විශේෂඥයෝ ප්‍රකාශ කර සිටිති. මෝදි මහතා ලාහෝර්හි අලාමා ඉක්‌බාල් ගුවන් තොටුපළට පැමිණි අවස්‌ථාවේ සම්මාන මුරය පැවැත්වීමට සූදානම්ව සිටියේ පාකිස්‌තානයේ ගුවන් හමුදා භටයන්ය.

එහෙත් එම ගුවන් හමුදා භටයන්ගේ අවිවල බයිනෙත්තු තිබෙනු දුටු මෝදිගේ ආරක්‌ෂකයන්ගේ ඇඟ කිළිපොළා ගිය බව වාර්තා විය. මෝදි ලාහෝර් වෙත පැමිණියේ සන්ධාන පිළිවෙත්වලට පටහැනිවය. වසර ගණනාවකට පෙර ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට පැමිණි අගමැති රජීව් ගාන්ධිට ආචාරය පුදකිරීම සඳහා පැමැණි අවස්‌ථාවේ නාවික හමුදා භටයකු සිය බයිනෙත්තුව සවිකළ අවියෙන් ප්‍රහාරයක්‌ එල්ල කිරීමේ සිද්ධිය මෝදිගේ ආරක්‌ෂකයන්ට සිහිපත්විය.

නරේන්ද්‍ර මෝදි පාකිස්‌තාන ගුවන් හමුදා භටයන් අසලින් යනු දුටු ආරක්‌ෂකයෝ දැඩි භීතියට පත්ව සිටියහ.

මෝදි අසලින් පාකිස්‌තානයේ අගමැති නවාස්‌ ශරීප්ද ගමන් කිරීමද විශේෂ සිද්ධියක්‌ විය.

Related posts

අමෙරිකානු රූ රැජිනක් දිවි නසාගනී

colombotoday

චීනයේ කම්හලක ගින්නකින් 36 ක් ජිවිතක්ෂයට

Admin

බොකෝ හරාම් ඉස්ලාමීය ත්‍රස්තයන් ගෝත්‍රික ගමකට පහර දෙයි. පුද්ගලයින් 81 ක් මරුට

colombotoday

ඇමෙරිකානු සංචාරකයන් පිලිපීනයට ඇතුළුවීම තහනම්

colombotoday

Breaking – ඩුබායි ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අනතුරට

colombotoday

ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට ළමුන් යොදාගැනීමේ වර්ධනයක්

colombotoday