Colombo Today Local News

පාසලක හදිසියේ අසනීප වූ සිසුන් 42ක් රෝහලට

නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසලක අධ්‍යාපනය ලබන පාසල් ළමුන් 42 දෙනෙකු අද (11)දින කොටගල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කල බව එම විද්‍යාලයේ ගුරුවරුන් පවසයි.

එම විදුහලේ 6 වසරේ සිට 11 වසර දක්වා අධ්‍යාපනය ලබන සිසුන් 13 දෙනෙකු සහ සිසුවියන් 29 දෙනෙකු ක්ලාන්තය, උණ වැනි රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල් ගත කල බව එම ගුරුවරුන් කියා සිටි.

රෝහල්ගත කළ සිසු සිසුවියන් කිහිපදෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, තවත් සිසුන් පිරිසක් බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවත් වෛද්‍යවරු පවසයි.

රෝහල්ගත කළ සිසු සිසුවියන්ගේ තත්ත්වය බරපතළ නොවන බව කොටගල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් සදහන් කරයි.

Related posts

2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ඇරඹේ

colombotoday

පොලිස් අධිකාරීවරියන් තිදෙනෙකුට උසස්වීම්

colombotoday

Video: එජාපය පැරදුනේ ඇයි ? මාරපනගෙන් අහන්න. – රවී කියයි

colombotoday

මරණ දඩුවම ගේන හිරුණිකාගේ යෝජනාව ගැන විවාදයක්

colombotoday

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකීය ප්‍රජාවට තිළිණ වන නවතම පුවත් කළාපය Ceylon UK News අද සිට

colombotoday

මුලතිව් විහාරස්ථාන රැකදෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක්.

colombotoday