Colombo Today Local News

10වසරේ දැරිය මහ රෑ ගෙට ඇතුළු වූ 28 තරුණයා සමග යහන් ගතවෙද්දී මව දකී.. බරපතළ ලිංගික අපයෝජනයක් කළා යැයි තරුණයා රිමාන්ඩ්

රාත‍්‍රි කාලයේ අනවසරයෙන් නිවසකට ඇතුළුවී බාල වයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළා යැයි සැකපිට අධිකරණය හමුවට පමුණුවනු ලැබූ 28 හැවිරිදි තරුණයකු රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර වැඩබලන මහෙස්ත‍්‍රාත් ශ්‍යාමලී යාපා මහත්මිය නියම කර තිබේ. මෙසේ රක්‍ෂිත බන්ධනාගාරයට නියම වූයේ මාතර පදිංචිකරුවෙකි.

10 වැනි වසරේ සිසුවියක වන දැරිය අසල්වැසි නිවසෙක සේවය සඳහා පැමිණ සිටි සැකකාර තරුණයෙකු සමග පේ‍්‍රම සම්බන්ධයක් ඇති කරගෙන තිබූ බවත් ඔහු පිළිබඳව සොයා බැලූ දෙමාපියන් ඊට අකමැත්ත පළකර ඇති බවත් පොලිස් පරීක්‍ෂණ වලදී අනාවරණය වී තිබේ.

මේ අතර දිනෙක රාත‍්‍රියේ අවදිවූ මව බාල දරුවාට කිරි සාදා දීම සඳහා සූදානම්ව බැලූවිට යාබද කාමරයේ යහන මත දියණිය හා සැකකරු සිටිනවා දැක ඒ පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) දැන්වීමෙන් පසු පොලිසිය පැමිණ ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය ඉදිරිපත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

Related posts

වෛරස් උණට දකුණේ තවත් දරුවන් දෙදෙනෙක් බිලි… සබරගමු, බස්නාහිර පළාත්වලටත් පැතිර යෑමේ අවදානමක්

colombotoday

ත්‍රීරෝද රථ ගාස්තුත් අඩු කරයි

Admin

ඇල්පිටිය මැතිවරණය ඇරඹෙයි

colombotoday

ජනාධිපති බ්‍රික්ස් සමුළුවට නොයන්නේ ඇයි?

Admin

විද්‍යාත්මක ඇමති සංශෝධනයෙන් ෆොන්සේකාට වනජීවිය

colombotoday

හරක් කටා වෙනුවෙන් ඉදිරිපත්වීමට එරෙහිව සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

Admin