Colombo Today Local News

ගම්දෙවනත් කළ අවිගත් කල්ලිය සොයා මෙහෙයුම්

ඇල්පිටිය පොලිස් වසමට අයත් කහදූව හා පිටුවල අම්බන ප්‍රදේශවල ජනතාව භීතියට පත්කරමින් තියුණු ආයුධ අතැතිව යතුරු පැදි තුනකින් ගම්දෙවනත් කරමින් ඊයේ (01)දින සවස සැරි සැරූ කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.

මෙම කණ්ඩායම ආයුධ අතැතිව යතුරු පැදිවලින් සැරිසරමින් ගම්වාසිහූ බියට පත්කරමින් සිටියදී රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරියකු දුන් තොරතුරු මත පොලිස් කණ්ඩායම් දෙකක් ගොස් එම මැර කණ්ඩායම අත් අඩංගුවට ගැනීමට උත්සාහ දරද්දී ඔවුන් යතුරු පැදි දමා පැනගොස් තිබේ. පසුව පොලිසිය විසින් එම යතුරු පැදි තුන අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුම් අරඹා ඇත.

Related posts

දුම්රිය එන්ජින් රියැදුරු සංගමය වර්ජනයක්

colombotoday

නිවෙස්ගත ප්‍රතිකාර සඳහා එක්වන කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක්

colombotoday

විල්පත්තුවේ කිරි ඉබ්බෙකු ඇල්ලු දෙදෙනෙකුට රුපියල් 90,000ක දඩයක්

colombotoday

කම්සැප විදින්න කෝටියක ත්‍රීවිල් උස්සලා

Admin

රත්තරන් මිල පහළට

colombotoday

විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද

colombotoday