Colombo Today Local NewsUncategorized

මුතුරාජවෙලේ කැලෑවක කසිප්පු පෙරලා.. ලක්ෂ දෙකක උපකරණ සමග කසිප්පු මිලි ලීටර 4000 ක් නිළධාරීන් භාරයට

මුතුරාජවෙල ප්‍රදේශයේ අධිවේගී මාර්ගය අසල කැලෑ පෙදෙසක් තුල සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී ඉතා රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධී (ස්ප්‍රීතු) කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා කසිප්පු මිලි ලීටර 4000 ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරය සඳහා යොදාගත් දඟර හා බැරල් ඇතුළු උපකරණ රැසක් භාරයට ගැනීමට සුරාබදු නිළධාරීන්ට හැකි වී ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකක් ( 200,000/= ) පමණ වන බවයි සුරාබදු නිළධාරීන් පවසා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 58ක් පමණ වන, රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන අතර ඔහු සුරාබදු ඇප මත මුදා හැර ඇති අතර ඔහුට එරෙහිව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩු පැවරීමට නියමිතයි.

Related posts

විදුලි සේවකයින් අද ලෙඩ වෙයි.

Admin

‍පැය 4-5ක විදුලි කප්පාදුවක්?

Admin

කළුතර ප්‍රදේශ කිහිපයකට පැය24ක ජල කප්පාදුවක්

Admin

කොටි ත‍්‍රස්ත ප‍්‍රහාරයකදී රාජකාරිය පැහැර තනතුරෙන් පැන්නු නිලධාරියෙක්ට රාජ්‍ය මණ්ඩලයක ප‍්‍රධානී තනතුර

colombotoday

“කොලොන්නාව තෙල් ගබඩාව ඉන්දියාවට විකිණීමට පිඹරුපත් සකසා අවසානයි” – වෘත්තීය සමිති

colombotoday

මා ජනාධිපතිවීම වලක්වන්න කුමණ්ත්‍රනයක් ක්‍රියාත්මකයි

Admin