Covid 19

පාසල් සිසුවියකට කොරෝනා

නාවලපිටිය ප්‍රදේශයේ පාසලක 12 වන වසරේ ඉගෙනුම ලබන සිසුවියකට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

පීසීආර් පරීක්ෂණයෙන් සිසුවිය ආසාදිත බවට තහවුරු වීමත් සමග සෞඛ්‍ය බලධාරීන් ඇය පැනිදෙණිය ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇත.

නාවලපිටිය නගරයේ වෙළෙඳසැළක සේවය කළ ආසාදිත පුද්ගලයෙකුගේ දියණියට මෙලෙස ‍කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

පාසල් සිසුවියට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග ඇයගේ පාසලේ ගුරුවරු 4ක් හා සිසුවියන් 16 දෙනෙක් මේ වන විට නිරෝධායනයට යොමුකර ඇත.

එම පාසල විෂබීජහරණයට ලක්කිරීමට කටයුතු කළ බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසීය.

Related posts

කොරෝනා ආසාදිතයින් 19ක් හදුනා ගනී

colombotoday

කොරෝනා ආසාදිතයින් 143 දක්වා ඉහළට

colombotoday

හොරොව්පොතාන මුස්ලිම් පල්ලියේ භාරකරත්වය විශේෂ භාරකරුවෙක්ට

colombotoday

අද තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වේ. සම්පුර්ණ රෝගීන් සංක්‍යාව 107 දක්වා ඉහලට

colombotoday

ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ දහස ඉක්මවයි

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 326 ක්

colombotoday