World

ෆින්ලන්තයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස තිස් හතර හැවිරිදි සන්නා මැරීන් තේරී පත්ව තිබේ.

ෆින්ලන්තයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස තිස් හතර හැවිරිදි සන්නා මැරීන් තේරී පත්ව තිබේ.

ඒ අනුව ලොව අගමැති ධුරයක් හොබවන ලොව ලාබාලතම පුද්ගලයා බවටද ඇය පත් වේ.

තිස් හතර හැවිරිදි සන්නා මැරීන් ඉදිරි දිනකදී ෆින්ලන්ත අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිතයි.

තැපැල් වැඩවර්ජනයක් හේතුවෙන්, පැවති සභාග ආණ්ඩුවේ සාමාජිකයන්ගේ විශ්වාසය ගිලිහීයාම නිසා හිටපු අගමැති අන්ටි රින් සිය ධුරයෙන් ඉල්ලා අස් විය.

ඉන් අනතුරුවයි නව අග්‍රාමාත්‍ය ධුරය සඳහා සන්නා මැරීන්ගේ නම,  ඇය නියෝජනය කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් යෝජනා කරනු ලැබුවේය.

කාන්තාවන් ප්‍රධානත්වය දරණ වාමාංශික පක්ෂ 5ක එකතුවෙන් නව රජය පිහිටුවනු ඇති.

එම කාන්තාවන් අතරින් තිදෙනෙකුම වයස අවුරුදු 35ට අඩු අය බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

මේ සමඟ ලොව අග්‍රාමාත්‍ය ධුරය හොබවන ලාබාලතම පුද්ගලයා බවටත් සන්නා මැරීන් පත් වේ.

යුක්‍රේන අගමැතිවරයා වන තිස්පස් හැවිරිදි ඔලෙක්සි හොන්චරුක් සහ නවසීලන්ත අගමැතිනිය වන තිස්නව හැවිරිදි ජසින්ඩා ආර්ඩේන් ලොව සෙසු ලාබාලතම අගමැතිවරුන් වේ.

Related posts

ස්පාඤ්ඤයේ මියගිය සංඛ්‍යාව 1000 පනී

colombotoday

ඇෆ්ගනිස්ථානයේ ගැටුම්වලින් ළමයින් 460ක් ජීවිතක්ෂයට

colombotoday

කතක් අමෙරිකාවේ පාසලකට වෙඩි තබයි

Admin

නෙදර්ලන්ත මැතිවරණයෙන් මුස්ලිම් විරෝධී විල්ඩර්ස් පරාදවන ලකුණු

colombotoday

ඊජිප්තුව සහ රුසියාව අතර ගුවන් ගමන් රුසියාව නවතාදමයි

colombotoday

බංග්ලාදේශයේ හින්දු ආගමික උත්සවයකට බෝම්බ ප්‍රහාරයක්

colombotoday