Colombo Today Local News

ස්විස් තානාපති කාර්යාල සිද්ධියේ පරික්ෂණ වාර්තා අද අධිකරණයට

ස්ව්ට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශිය නිලධාරිනිය සම්බන්ධයෙන් මේ වන විට සිදු කර ඇති පරික්ෂණවල වාර්තා පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (12) දිනයේ අධිකරණයට කරුණූ ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

පසුගියදා පැහැරගැනිමට ලක්වූ බව කියන අදාල නිලධාරිනිය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවස්ථා තුනකදී සාක්ෂි සටහන් කර ගැනිම සිදු කරනු ලැබුවේය.

එම සාක්ෂි සටහන් කර ගැනිම සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිදු කර ඇති පරික්ෂණවල ප්‍රගතිය අද දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරිමට නියමිතයි.

අදාල පරික්ෂණ තවදුරටත් අඛණ්ඩව සිදු වන අතර යලිත් වරක්  ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියගෙන් ප්‍රශ්න කිරිමට බලාපොරොත්තු වන බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ වන විට සිදු කර ඇති පරික්ෂණ වලට අනුව අදාල නිලධාරිනිය විසින් පරස්පර ප්‍රකාශ සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇතැම් බාහිර පාර්ශවයක මැදිහත්වීමක් මෙම සිද්ධිය පිටුපස ඇද්ද යන්න පිළිබඳව ද විමර්ශන ආරම්භ කර ඇත.

ඒ පිළිබඳ ඉදිරියේදී නීත්‍යානුකූලව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ.

Related posts

නව ව්‍යවස්ථාව හදන හැටි උගන්වන්න බ්‍රිතාන්‍ය උපදේශකයෙක් එයි !

colombotoday

මුස්ලිම් ජනතාවගෙ හරසර මැද ඥානසාර හිමි කාන්තන්කුඩියට – එක රටක්, එක නීතියක් බලකායට ඉහල ප්‍රතිචාරයක්

colombotoday

ඇඳිරි නීතිය පැනවෙන වේලාව සංශෝධනය කෙරේ

colombotoday

සූදු ක්‍රීඩා කල සමගි ජන බලවේගයේ අපේක්ෂක ඇතුළු පිරිසක් රිමාන්ඩ්

colombotoday

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට පමණක් හෙට රාජ්‍ය බැංකු විවෘතයි

Admin

හම්බන්තොට සදළුගම මුස්ලිම් ගම්මානයේ පිරිසක් යුවලකට පහර දෙති. ප්‍රදේශයේ ආරක්ෂාවට යුද හමුදාව කැඳවයි

colombotoday