World

හූස්ටන් හි පිහිටි කොන්සියුලර් කාර්යාලය වසා දමන ලෙස ඇමෙරිකාවෙන් චීනයට නියෝගයක්

හෙට දිනය (24) වනවිට හූස්ටන් හි පිහිටි කොන්සියුලර් කාර්යාලය වසා දමන ලෙස ඇමෙරිකාව විසින් චීනයට නියෝග කර තිබේ.

චීන බලධාරීන් එම නියෝගය “දේශපාලන කුපිත කිරීමක්” ලෙස හඳුන්වයි.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පැවසුවේ එවැනි තීරණයක් ගැනීමට හේතු වුයේ චීනය විසින් බුද්ධිමය දේපල සොරකම් කිරීම නිසා බවය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් චීන විදෙස් කටයුතු අමාත්‍යාංශය එක්සත් ජනපද තීරණය විවේචනයට ලක් කළේය.

වොෂිංටන් හි පිහිටා ඇති චීන තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට මරණ තර්ජන එල්ල වී ඇති බවත් ඔහු පැවසීය.

වොෂිංටන් හි පිහිටා ඇති චීන තානාපති කාර්යාලයට අමතරව චීන කොන්සියුලර් කාර්යාල 5ක් ඇමෙරිකාවේ ස්‌ථාපිත කර ඇත. නමුත් හූස්ටන් හි පිහිටි කොන්සියුලර් කාර්යාලය තෝරාගැනීමට හේතුව අපැහැදිලි බව විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

සුපිරි නළු විජයකාන්ත් කොරෝනා ආසාදනය වී මරුට

Admin

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට

colombotoday

කතක් අමෙරිකාවේ පාසලකට වෙඩි තබයි

Admin

පාකිස්තානය – චීනය යුද ශක්තිය වර්ධනය කරද්දී ඉන්දියාවත් යුද ශක්තිය තර කරයි

Admin

ඉන්දුනීසියාවේ බස් රථ අනතුරකින් 27ක් මරුට

colombotoday

රුසියාවේ විද්‍යාඥයින් තිදෙනෙක්ට එරෙහිව රාජද්‍රෝහී චෝදනා

Admin