Colombo Today Local News

හිස්බුල්ලා කාත්තන්කුඩියේ වෙනම මුස්ලිම් අධ්‍යාපන කලාපයක් පිහිටුවන තැතක…

මඩකලපුව කාත්තන්කුඩියේ මුස්ලිම් සිසුන් පමණක් ඇතුළත් වන වෙනම මුස්ලිම් අධ්‍යාපන කලාපයක් පිහිටුවීමේ උත්සහයක් පවතී. මේ පිටුපස සිටින්නේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා බව දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ගිය මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් මහතා පවසයි.

මෙම අධ්‍යාපන කලාපයට කාත්තාන්කුඩියේ මුස්ලිම් විද්‍යාල 22 ම ඇතුළුව විද්‍යාල 30ක් ඇතුළත් කරගෙන ඇත. මඩකලපුව දිස්ත්‍රික්කයේ දැනට අධ්‍යාපන කලාප 5ක් ඇති අතර කාත්තාන්කුඩියේ තවත් අධ්‍යාපන කලාපයක් පිහිටුවීමට භූගෝලීය හේතුවක් නොමැත. පාසල් 22 කින් යුත් කාත්තාන්කුඩිය වෙනම අධ්‍යාපන කලාපයක් කරන්නේ නම් පාසල් 83ක් ඇති කල්කුඩා අධ්‍යාපන කලාපය කලාප කීයකට බෙදිය යුතු ද යන්න විමසා බැලිය යුතුය.

මේ පිළිබද සොයා බලා ජනාධිපතිවරයා විසින් අවශ්‍ය පියවර ගනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය. ආසියාවේ විශාලමතම ඉස්ලාම් විශ්වවිද්‍යාලය ඉදිකිරීමේ කුමන්ත්‍රණය පිටුපස ද සිටින්නේ හිස්බුල්ලා ආණ්ඩුකරු බවද ඔහු පවසයි.

Related posts

බිලියන 15කට අධික සීනි වංචාව ගැන අල්ලස් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්

colombotoday

රටපුරා එකවර විදුලිය බිඳවැටීම කඩකප්පල්කාරී වැඩක් – විදුලි ඉංජිනේරුවරු පරීක්ෂණයක් ඉල්ලති

colombotoday

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට බෙදා හැරීම අද සිට.

colombotoday

රියාජ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීම වලක්වන්න යැයි ඉල්ලු අතුරු තහනම අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේපයි

colombotoday

එජාප තරුණ නායකත්වය විනාශ කිරීමේ මෙහෙයුමක්.. ජනපතිත් හවුල් – සුජීවගෙන් චෝදනා

colombotoday

පෞරාණික ස්ථානයක නිධන් හෑරූ 4ක් අල්ලයි

Admin