Colombo Today Local News

හාලිඇල විද්‍යා විද්‍යාලයේ විදුහල්පති අනිවාර්ය විශ්‍රාම යවයි : ගුරුවරු 4 දෙනාගේ වැඩ තහනම්

අධ්‍යාපන චාරිකාවක් අතරවාරයේදී ත්‍රීකුණාමලය ,ගෝමරංකඩවල වැවෙහි දිය නෑමට ගිය සිසුන් සිව් දෙනෙකු දියේ ගිලී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් හාලිඇල විද්‍යා විද්‍යාලයේ ගුරුවරුන් සිව් දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබෙන බව ඌව පළාත් ආණ්ඩුකාරවර අධි නීතිඥ රාජා කොල්ලුරේ මහතා පැවසීය.

එමෙන්ම ඌව පලාත් අධ්‍යාපන ලේකම් සන්දියා අඹන්වෙල මහත්මියගේ සහ අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකුගේ මූලිකත්වයෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ද සිදුවෙමින් පවතින බවද ආණ්ඩුකාරවරයා සදහන් කළේය.

පසුගිය පෙබරවාරි 18 වැනිදා සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඌව පළාත් ආණ්ඩුකාරවරයා විසින් සිදුකළ මූලික විමර්ශනයට අනුව මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව වයස  අවුරුදු 59ක් සපිරෙන හාලිඇල විද්‍යා විද්‍යාලයේ විදුහල්පතිවරයා අනිවාර්ය විශ්‍රාම යැවීමටත් සිසුන් කැටුව ගිය ගුරුවරුන් සිව් දෙනාගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය මත ඔවුනට වැඩ තහනමක් පැනවීමටත් තවත් ගුරුවරියන් දෙදෙනෙකු ඌව පළාතේ අති දුෂ්කර පාසල් වෙත ස්ථාන මාරු කර යැවීමටත් ආණ්ඩුකාරවරයා නියෝග කර තිබේ.

ආණ්ඩුකාරවරයාගේ නියෝග මත ඌව පළාත් අධ්‍යාපන ලේකම් විසින් මෙම නියෝගය ක්‍රියාත්මක කර ඇත.

අධ්‍යාපන චාරිකාවක් අතරවාරයේ සිසුන් 7 දෙනෙකු දිය නෑමට යාම සහ එසේ ගිය සිසුන් 4 දෙනෙකු මියයාම ඔවුන්ව කැටුව ගිය  ගුරුවරුන්ගේ නොසැළකිලිමත්කම නිසා සිදුවූ බවට ත්‍රීකුණාමලය නාගරික මරණ පරීක්ෂකවරයා විවෘත  තීන්දුවක් ලබා දී තිබුනි.

ගුරුවරුන් සිව්දෙනාට ලබාදුන් දඩුවම ගුරුවරියන් දෙපලට ලබා නොදුන්නේ ගුරුවරියන් සිසුන් බාරව කටයුතු නොකළ හෙයින් යැයි ද ආණ්ඩුකාරවරයා කියා සිටියේය.

Related posts

රණවිරුවන් පීඩනයට පත් කරන්න කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නෑ රණවිරුවන් ආරක්ෂා කිරීමට තමා සැමවිටම කැපවෙන බව ජනපති ජාතියට කියයි

colombotoday

ඇස්තමේන්තුගත විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් රට තුළ ඉන්නේ 50%ක් පමණයි

Admin

35ත් 45ත් අතර කාන්තාවන් සුවනාරී සායනවලට සහභාගී වෙන්න – සෞඛ්‍ය අංශ ඉල්ලයි

Admin

හමුදාවේ ප්‍රධානියා ලබන 27 CID ට කැදවයි…

colombotoday

හමුදා ට්‍රක් රථයක් හා වැලි ටිපර් රථයක් ගැටෙයි – 15 කට තුවාලයි

colombotoday

මීගවුව උසාවිය අසල වෙඩි සෙල්ලම් දැමූ දෙදනා මාට්ටු

colombotoday