Colombo Today Local News

හරීන් අගරදගුරුතුමා සම්බන්ධව කළ විවේචනාත්මක ප්‍රකාශය සමගි ජනබලවේගය කළඹයි

හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රසිද්ධ වේදිකාවේ සිට අගරදගුරුතුමා සම්බන්ධව සිදුකළ විවේචනාත්මක ප්‍රකාශය කිතුණු බැතිමතුන් පමණක් නොව බෞද්ධ ජනාතාවද දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව හිටපු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි.

රත්නපුර,කිරිඇල්ල ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශයෙන් අද සමගි ජන පෙරමුණ තුළ විශාල කැලඹිමක් ඇති වී තිබෙනවා.සජිත් ප්‍රේමාදස මහත්තයා හරීන් වෙනුවෙන් සමාව ගන්නකොට,කාවින්ද ජයවර්ධන, විජිත් විජයමුණි සොයිසා යන හිටපු මන්ත්‍රීවරු හරීන් ප්‍රනාන්දුව දැඩිව විවේචනය කරනවා අපි මාධ්‍ය තුළින් දැක්කා.

මහ මැතිවරණයක් අතලඟ තබාගෙන කිතුණු ජනතාවගේ පමණක් නොව සිංහල බෞද්ධ සියලුම ජනතාවගේ ගෞරවාදරයට පත් අගරදගුරුතුමන්ට සිදු කළ අපහාසය ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයට විශාල බලපෑමක් වෙනවා.මේ ප්‍රකාශයත් එක්ක කිතුණු ඡන්ද කිසිවක් සමගි ජන පෙරමුණට ලැබෙයි කියලා හිතන්න බැහැ.

මැතිවරණය දවසින් දවස ලංවෙනකොට මැතිවරණ උණුසුමත් ටික ටික වැඩිවෙමින් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීමත් එක්ක දෙගොල්ලන්ගෙම කුණු එලියට එන්න පටන් අරන්.සමගි ජන පෙරමුණෙන් මහ බැංකු හොරකමට රනිල්ට, රවීට කෙලින්ම ඇගිල්ල දික් කරමින් ප්‍රකාශ නිකුත් කරනවා. ඒ වගේම සමගි ජන පෙරමුණේ අපේක්ෂකයින් දවසින් දවස පක්ෂය හැර යමින් සිටිනවා. සමගිය නැති සමගි පෙරමුණත්,එක්සත්කමක් නැති එක්සත් ජාතික පක්ෂයත් දවසින් දවස දුර්වල වීමත් එක්ක මෙවර මැතිවරණයේ කිසිවකු බලාපොරොත්තු නොවු ජයග්‍රහනයක් පොදුජන පෙරමුණ ලබා ගන්නාව.රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර 11න් 8ක් අපි මෙවර ලබා ගන්නවා.වැඩි ඡන්ද ලක්ෂ 2කින් විතර අපි රත්නපුර දිස්ත්‍රික්කය ජයග්‍රහනය කරනවා. රැස්ව සිටි පිරිස අමතමින් සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදුවක්

Admin

රියැදුරු බලපත්‍රයටත් QR කේතයක්

Admin

රනිල්-රවී ඇවිලෙයි

Admin

අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට අවසර පත් අදාළ පොලිස් ස්ථානයෙන්

colombotoday

මහ හොරා රකින්න, එජාපය “කෝප්“ වාර්තාව බයිස්කෝප් කරලා..

colombotoday

දිස්ත්‍රික්ක 4ක තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday