Colombo Today Local NewsHot News

“හරීන් ප්‍රනාන්දු වගේ මොට්ටයෝ මොනව කීවත් අපි අපේ යුතුකම කරනවා“ – බෙංගමුවේ නාලක හිමි

bengamuwe-nalaka-thero

අත්අඩංගුවේ සිටියදී පැන යෑමට තැත්තළ කොටි ත්‍රස්ත සැකකරුවෙකුට වෙඩි තබා මරා දැමුවේ යන චෝදනාව මත දස වසරක අත් හිටවූ සිරඩුවමක් සහ, අදාළ කොටි සැකකරුගේ පවුලට ලක්ෂ 20ක වන්දියක් ගෙවීමට අධිකරණයෙන් නියමව සිටින මේජර් විමල් වික්‍රමගේ මහතාට එම මුදල සපයා ගැනීම සදහා මුදල් එකතු කිරීමේ ව්‍යාපාරයක් “රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය“ විසින් ආරම්භකර තිබෙනවා.

එම කටයුත්ත විවේචනය කරමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මාධ්‍ය සාකච්චාවකදී පවසා තිබුණේ, පසුගිය රජයේ හොරා කෑ අමාත්‍යවරුන් පිරිසක් රණවිරුවන් විකුණාගෙන කෑම සදහා කැට හෙල්ලීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවයි.

එම ප්‍රකාශයට පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

රණවිරු අරමුදලට මුදල් එකතු කිරීම සදහා ඊයේ පැවති වැඩසටහනකදී අදහස් දැක්වූ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් සඳහන් කළේ “අපි මේ කැට හොල්ලන්නෙ හම්බ කරගත්තෙ නැති නිසා. රණවිරුවන් වෙනුවෙන් වන්දි මුදල් ගෙවන්න.. ඇප මුදල් ගෙවන්න.. තමයි මේ දේවල් කරන්නෙ. කවුරු ඒවට නින්දා අපහාස කරත් මිනිස්සු ඒක අගය කරනවා. හරීන් ප්‍රනාන්දු වගේ මොට්ට මිනිස්සු මොනවා කිව්වත් අපේ වැඩේ අපි නතර කරන්නෙ නැහැ.” යනුවෙනි.

මේ අතර ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරීන් හතදෙනෙකුට අවිස්සාවේල්ල අධිකරණය මගින් ඇප ලබා දුන් අතර, නියමිත ඇප මුදල ගෙවා ගැනීමට නොහැකි වීම නිසා එම නිලධාරීන් සිවු දෙනා නැවතත් බන්ධනාගාරගත කර තිබෙනවා.

එම නිළධාරීන්ට ඇප මුදල් එකතු කරදීම සදහා මුදල් එකතු කිරීමේ ව්‍යාපාරයක් ඊයේ රාජගිරියේදී සංවිධානය කර තිබිණි.

1000_1821795511389662_2882662674177028043_n14333047_1821795408056339_362099509284058103_n

Related posts

අගමැති මුල්ගල් තියා වැඩ ඇරඹූ හොරණ ටයර් කම්හල ජනපති අනින් අත්හිටුවයි

colombotoday

පාසල්වල වැඩ කාර්යක්ෂම කරන්න අලුත් තනතුරක්

colombotoday

කාර්යාල දුම්රිය ගමන්වාර 12ක් අවලංගු වෙයි

Admin

ආණ්ඩුව බහුතර බලය ඕනෑම අවස්ථාවක පෙන්වීමට සූදානම්

colombotoday

ඩි.ඒ රාජපක්ෂ කෞතුකාගාර නඩුවේ සෙසු විත්තිකරුවන් 6 දෙනාත් චෝදනාවලින් නිදහස්

colombotoday

බෞද්ධයා නාලිකාව, අධිරජ ධර්මාශෝක අන්තවාදියිලු.. සංහිදියාවට බාධාවක්ලු !

colombotoday