විදුලි බලාගාර, විදුලි උප පොළවල්, තෙල් ගබඩා ඇතුළු රට පුරා පිහිටා ඇති සියලුම් ආර්ථික මර්මස්ථානවල ආරක්ෂාවට යුද හමුදාව යොදවා ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
මෙම ක්රියාමාර්ග ගෙන ඇත්තේ මැතිවරණයේ ආරක්ෂක වැඩපිළිවෙළ අනුව බවත් හමුදාපතිවරයා පවසයි.
මේ අතර මැතිවරණය කාලයේදී ඇති විය හැකි ඕනෑම හදිසි තත්වයකට මුහුණදීමට සියලුම යුද හමුදා කඳවුරු සීරුවෙන් ඇති බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.