අපේ රටේ වී ගොවිතැනට කණකොකා හඬන්නට පටන්ගෙන තිබෙන්නේ අද, ඊයේ නොවේ. සොබාදහමේ අපල උපද්‍රවයන්ද, කෘමි හානි වැනි වසංගත රෝගද නොඅඩුව වී ගොවිතැනට පීඩා පමුණුවමින් තිබෙන බව නොරහසකි. වී ගොවිතැන අඩාල වීම නිසා ගොවි ආර්ථිකය බිඳවැටීම මෙන්ම දේශීය සහල් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා විශාල මුදල් කන්දරාවක් පිටරටවලට ඇදීයෑමද සිදුවන්නට විය. මෙරට වී නිෂ්පාදනයේ ප්‍රමුඛ දිස්ත්‍රික්කයක් වන පොළොන්නරුවේ පසුගිය යල කන්නයේ (2018) කුඹුරු අක්කර 60,000ක් පමණ පුරුක් පණුවාගේ හානියට සහ කීඩෑ උවදුරට ගොදුරු වූ බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල සංඛ්‍යාලේඛන කියයි.
එමෙන්ම මෙවර මාස් කන්නයේ වී වගාවේ දැනට පීදෙමින් සහ කිරිවදිමින් තිබෙන ගොයම ඇතුළුව සරුසාර ඉමක් නොපෙනෙන කුඹුරු යායවල් මේ වනවිට කීඩෑ හානියට ගොදුරු වී තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දැනට ඒ ප්‍රමාණය කුඹුරු අක්කර 10,000ක් පමණ බවයි. මෙවර මේ කෘමි හානියේ බරපතළ තත්ත්වය වී ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත වී වගාවට යොදන කෘෂි රසායන කිසිවකට කීඩෑ හානිය මර්දනය කිරීමට නොහැකිවීමයි.
එක් වරක් නොව දෙතුන් වතාවක් මෙලෙස කෘමිනාශක වර්ග වගාවට යොදා ඇති නමුත් කීඩෑ හානිය මර්දනය නොවූ බවත් ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට තමන්ට සිදුවූ බවත් මේ පිළිබඳව සොයා බැලීමට අප පොළොන්නරුවේ ගොවිබිම් කරා ගිය ගමනේදී ගොවීහු පැවැසූහ. මේ අන්දමට කිහිපවිටක් කෘමි නාශක යෙදීමෙන් තම කුඹුරුවල කීඩෑ හානිය මර්දනය නොවූ නමුත් කෘෂි රසායන වර්ග මෙරටට ගෙන්වන සමාගම් සහ ඒවා අලෙවි කරන වෙළෙඳුන් තව තවත් පොහොසත් වන බවද ඒ ගොවි ජනතාව පෙන්වා දුන්හ.
ගිරිතලේ මහ ගොවි ජනපද ව්‍යාපාරයට අයත් උණගලාවෙහෙර ප්‍රදේශයේදී අපට මුණ ගැසුණු යූ.එල්. ප්‍රියන්ත බණ්ඩාර (45) ගොවි මහතා මෙසේ කීය.
මම මේ මාස් කන්නයේ වගා කළේ වැඩි වයස් වී මාස 3 1/2 – 4. දැනට ගොයම පීදෙමින් හා කිරිවදිමින් තිබෙන්නේ. මගේ කුඹුර අක්කර 04යි. මුළු වගාවටම කීඩෑ හානිය තිබෙනවා. දැනට තුන් වතාවක් තෙල් ගහලා තියෙනවා. තවම කීඩෑවෝ විනාශ වුණේ නෑ. රුපියල් 30,000ක් විතර මේ වෙනකොට වියදම් වෙලා තියෙනවා.
ඩී.එම්. ප්‍රියන්ත දිසානායක (35) මහතා
මගේ කුඹුර අක්කර 6 1/2යි. වගා කරලා තියෙන්නේ මාස 3 – 3 1/2 වී වර්ග. දැනට ගොයම පීදෙන මට්ටමේ තියෙන්නේ. මුළු කුඹුරටම කීඩෑවෝ බෝවෙලා. කෘෂිකර්මේ නිලධාරි මහත්තුරු ඇවිල්ලා බැලුවා. ගහන්න කියලා උපදෙස් දුන්නු තෙල් වර්ග ගැහුවා. නමුත් කීඩෑවෝ විනාශ වුණේ නෑ. තෙල් ගහලා දැන් අපි හෙම්බත් වෙලා ඉන්නේ.
පනස් පස් හැවිරිදි ඒ.ඒ. කරුණාරත්න මහතා අපට හමුවූයේද ගිරිතලේ මහ ගොවි ජනපදයේ උණගලාවෙහෙර වෙල් යායේදීය.
“පසුගිය යල් කන්නේ අපට වුණෙත් මේ සන්තෑසියම තමයි. ගොයම පීදීගෙන එනකොට
කීඩෑවෝ ගැහුවා. මුළු කුඹුරම විනාශ වුණා. මේ වෙනතෙක් ශත පහක් වත් වන්දි
ගෙව්වේ නෑ.
සරුබිම පදිංචි එච්. මංගලසිරි මහතා
“මම මේ මාස් කන්නේ කුඹුරු අක්කර 12ක් වගා කරලා තියෙනවා. එයින් පහුවෙලා වගා කරපු අක්කර දෙකකට හැර මුළු වගාවටම කීඩෑ හානිය තියෙනවා. දැනට තුන් වතාවක් තෙල් ගැහුවා. නමුත් අඩුවක් නෑ. තෙල් ගහන්න රුපියල් 75,000ක් විතර දැනට වියදම් වෙලා තියෙනවා.
ගිරිතලේ ව්‍යාපාර ගොවි සංවිධානයට අයත් සාමාජික ගොවි සංවිධානයක් වන උණගලාවෙහෙර බෙදුම් ඇළ ගොවි සංවිධානයේ සභාපති එච්. චමින්ද කුමාර මහතා අප සමඟ කියා සිටියේ තම ගොවි සංවිධාන බල ප්‍රදේශය තුළ පිහිටි සෑම කුඹුරකම වී වගාව මේ වනවිට කීඩෑ හානියට ගොදුරු වී තිබෙන බවයි.
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය මහ ගොවි ජනපදය යටතේ වී වගා කෙරෙන කුඹුරු බිම් ප්‍රමාණයක අක්කර 25,000 ඉක්මවයි. එහි සෑම යායකම පාහේ කීඩෑ හානිය දක්නට තිබේ. එය මර්දනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශ කර තිබෙන කෘමිනාශක වර්ගවලට කීඩෑවා මර්දනය නොවන බව එහි ගොවීහු පැවැසූහ.
මෙවර මාස් කන්නයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී වගා කෙරෙන මුළු කුඹුරු බිම් ප්‍රමාණය අක්කර 1,50,000කට ආසන්නය. ඇතැම් යායවල කුඹුරු මීට පෙර කන්නවලදී ජලය නොමැතිකමින් පුරන්ව පැවැති ඒවායි. එහෙත් මොරගහකන්ද ජලාශයේ දියවරද ලැබී මෙවර පොළොන්නරුවේ වැව් අමුණු රැසක්ම දියවරින් පොහොසත්වීම නිසා අන් කවරදාකටත් වඩා කුඹුරු බිම් ප්‍රමාණයක මෙවර වී වගා කෙරුණු බව ගොවි ජනතාව මෙන්ම ගොවි සංවිධාන නියෝජිතවරුද අප සමඟ කීහ. එමෙන්ම මීට පෙර කන්නවලට වඩා සෑම කුඹුරක්ම පාහේ සරුසාර යැයි ගිරිතලේ ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ශාන්ත ගුණසේකර මහතා අප සමඟ කීය. කීඩෑවාගේ හානිය නිසා වාර්තාගත අස්වැන්නක් ලැබීමට තිබුණු වගා කන්නයක ගොවි සිහින මෙවර එහෙම පිටින්ම බිඳ වැටෙමින් තිබෙන බවද ඒ මහතා කීවේය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා වාරිමාර්ග යටතේ ජලය සැපයෙන මහ ගොවි ජනපදවල පමණක් නොව මහවැලි කලාපවල වී වගාවටද කීඩෑවා එබී බලා තිබෙන බව අප එහි ගිය ගමනේදී දැක ගන්නට ලැබිණි. එහි බොහොමයක් ගොවීන් කීඩෑ උවදුර මැඬලීම සඳහා විවිධ අත්හදා බැලීම් කරන පර්යේෂකයන් බවට ද පත්වී තිබෙන බව අපට දැන ගන්නට ලැබිණි.
මහවැලි බී. කලාපයට අයත් වැලිකන්ද, සෙවණපිටිය ප්‍රදේශයේදී අපිට මුණ ගැසුණු තිදරු පියකු වන එච්. රණවීර (62) ගොවි මහතා,
මගේ කුඹුර අක්කර 2 1/2යි. සම්බා වගා කරලා තියෙන්නේ. මාස 3 1/2යි. දැනට ගොයම කිරට නැමෙනවා. තෙල් මොනා ගැහුවත් කිසිදාක මරන්න බෑ. සමහරු කියනවා භූමිතෙල් වැලිවලට කලවම් කරලා කුඹුරට ඉහින්න කියලා. එහෙමත් කරලා බැලුවා. තවත් සමහරු සෝයාමීට් භූමිතෙල්වලට කලවම් කරලා කුඹුරට දානවා. මොන දේකටවත් කීඩෑවෝ මැරෙන්නෙ නෑ. අද බලනකොට තියෙන හානිය වැඩියි.
කේ.එම්. ප්‍රියනන්ද කවිසේකර (55) මහතා අපිට හමුවූයේ මහවැලි බී. කලාපයේ 9 කණුව යාය 05 ප්‍රදේශයේදීය.
මම මේ වගාවේ කුඹුරු අක්කර 08ක් වී වගා කරලා තියෙනවා. දැනට කිරට නැමෙන ගොයම. දැන් තුන් වතාවක් තෙල් ගහල තියෙනවා. මේ පළාතේ ගොවියෝ කීඩෑ හානියට නොයෙකුත් ප්‍රතිකාර අත්හදා බලනවා. මමත් භූමිතෙල්වලට වැලි කලවම් කරලා කුඹුරට යෙදුවා. සෝයාමීට් භූමිතෙල් එක්කලා කලවම් කරලා ගහලා තියෙනවා.
කිසිම දේකින් පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. මට රුපියල් 60,000ක් විතර මේ වෙනකොට වියදම් වෙලා තියෙනවා. ගොවීන් මෙතැනදි හරිම අසරණයි. නිවැරැදි උපදෙසක් දෙන්න කෙනෙක් නෑ. නිලධාරියෙක් එන්නේ නෑ. අපි ඉල්ලා හිටින්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි. ගොවියන්ට හරිදේ කුඹුරට යොදන්න නිවැරැදි උපදේශයක් දෙන්න.
මහවැලි කලාප භාර නේවාසික ව්‍යාපාර කළමනාකරුවන් වෙතින් මේ කීඩෑ හානිය
පිළිබඳව අප විමසූවිට ඔවුන් කියා සිටියේ තම කලාපවල එතරම් තදබල ප්‍රශ්නයක්
ලෙස එය නොපවතින බවයි.
ඒ සම්බන්ධයෙන් ගොවි ජනතාව දැනුවත්කර අවශ්‍ය උපදෙස්
ලබාදෙන ලෙසට කෘෂිකර්ම නිලධාරීන්ට සහ අදාළ ක්ෂේත්‍ර නිලධාරීන්ට දැනුම් දී
තිබෙන බවද ඔවුහු කීහ.
පොළොන්නරුව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආර්.පී. උපාලි මහතාගෙන් මේ පිළිබඳව විමසූවිට ඔහු ප්‍රකාශ කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා වාරිමාර්ග යටතේ වී වගා කර ඇති ප්‍රදේශවල කීඩෑ හානිය වාර්තා වන බවත් කෘෂිකර්ම උපදේශකවරුන් සහ ක්ෂේත්‍ර නිලධාරීන් ගොවි ජනතාවට අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහා ක්‍රියා කරමින් සිටින බවත්ය. එසේ වුවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශ කර තිබෙන කෘෂි රසායන වර්ගවලට කීඩෑ හානිය මර්දනය නොවන බවට ගොවීන් මෙන්ම තම නිලධාරීන්ද තමන්ට වාර්තා කර තිබෙන බවත් මේ පිළිබඳව තම දෙපාර්තමේන්තුවේ අදාළ උසස් නිලධාරීන් දැනුවත් කර තිබෙන බවද ඒ මහතා කීවේය.
ගොවිතැනට එල්ල වන බොහෝ අභියෝගවලදී ගොවි ජනතාව අසරණ බව අමුතුවෙන් කිවයුතු නැත. නිලධාරීන් හෝ වෙනත් බලධාරීන් කිසිවකුගෙනුත් නිසි පිළිසරණක් නොලැබෙන අත්දැකීම ඔවුනට එතරම්ම ආගන්තුකද නැත. පළමු වරට නොව පිට පිට දෙවැනි වතාවටද කීඩෑවාගේ බිල්ලට තම වගාවන් ගොදුරු වෙද්දි පොළොන්නරුවේ ගොවීහු අසරණ භාවයේ පතුලටම කි¼දාබසිමින් සිටිති. ගොවි සංවිධානවල ගොවි නායකයන්ද කියා සිටිනුයේ සිය අසරණභාවමය. මීට පෙර මසකට වතාවක් පැවැත් වූ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවද මේ වනවිට මාස 02කට වතාවක් පවත්වන්නට නියම වී ඇති හෙයින් ගොවි ගැටලු මෙන්ම නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට දෙමසක් තිස්සේ බලාගෙන සිටීමට සිදුව තිබෙන ඔවුහු කියා සිටියහ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවර මාස්කන්නයේ වී වගාවේ ශීඝ්‍රයෙන් පැතිර යන කීඩෑ හානියට අවශ්‍ය පිළියම් යෙදීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස තමන් අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බව කෘෂිකර්ම ඇමැති පී. හැරිසන් මහතා මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී කියා සිටියේය.
ඒ සියලු මැදිහත්වීම් කල් නොයවා සිදුවිය යුතු බවයි මේ ප්‍රශ්නයට මැදි වී සිටින ගොවි ජනතාවගේ අදහස වී තිබෙනුයේ. මීට පෙර කන්නයේ මෙන් මෙවරද තම සේසතම කීඩෑ වසංගතය නිසා සින්නවීමට නොදී නිසි පිළියම් නොපමාව යෙදිය යුතු බවද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.
අනුරාධ විශ්වනාත්