Colombo Today Local News

සුදු වෑන් සංස්කෘතියක් තිබුණා. රාජිතට කළ දේ දේශපාලන පළිගැනීමක්. කුමාර වෙල්ගමගෙන් ප්‍රකාශයක්

පසුගිය 2010-2015 රජය සමයේ සුදු වෑන් සංස්කෘතියක් තිබුණා. ඒක නැහැ කියලා කාටවත් කියන්න බැහැ යැයි කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මතුගමදී පැවසීය.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම පිළිබඳ අදහස් දක්වමින් හිටපු මන්ත්‍රී කුමාර වෙල්ගම මෙසේද කීවේය.

කාටහරි දඬුවම් දෙන්න අවශ්‍ය නම් ආණ්ඩුවට පොලිසිය ලවා ඒක කරවන්න පුළුවන්. මෙවැනි දේ අපි මීට ඉහත අත්දැකලා තියෙනවා. රාජිත සේනාරත්න කළ දේ හරිද? වැරදිද? කියලා මම කියන්න යන්නේ නැහැ. ඒ අවස්ථාවේ මැතිවරයක් තිබුණා. ඔහුට ලැබුණු තොරතුරු අනුව ඔහු කටයුතු කළා. එහෙම නැතිව රාජිත සේනාරත්න හිතා මතා කළ දෙයක් නෙමෙයි.

මම දන්න තරමින් මේ ගැන ප්‍රකාශයක් කළ ප්‍රධානම පුද්ගලයන් දෙදෙනා අද නිදහස් කරලා තියෙනවා. ඒ නිසා මේක දේශපාලන පළිගැනීමක් බව ඉතා පැහැදිලියි. ඒකාබද්ධ විපක්ෂ‍ය හිටපු කෙනෙකු ලෙස එයාලා කටයුතු කරන්නේ කොහොමද කියලා මම ඉතාම හොඳින් දන්නවා. කෙනෙකුට හිරිහැර කරන්න අවශ්‍ය නම් ඒක කළ යුතු ආකාරය එයාලා දන්නවා.

මොකද මම එතන ඉඳලා ආව කෙනෙක් විදිහට මේ රජය ක්‍රියා කරන හැටි ගැන මට ඉතා හොඳ වැටහීමක් තියෙනවා. පසුගිය රජය වගේම මේක මේ රජය කළ වැරදි දෙයක්. කවුරු කළත් ඇත්ත කියන්න ඕන. වැරදි කරන්නේ නැහැ කියලා මෙයාලා ආවේ.

රාජිත සේනාරත්න මේ රටට විශාල සේවයක් කළ දේශපාලනඥයෙක්. ඒ නිසා ආණ්ඩුව ඔහු සම්බන්ධයෙන් දක්වපු ක්‍රියාකලාපය ගැන අපගේ විරෝධය ප්‍රකාශ කරනවා.

Related posts

කහටගස්දිගිලිය සියළු වෙළදසැල් වසා දැමේ

colombotoday

ඉන්දීය විද්‍යා සමුළුවකදී මතු වූ රාවණ රජුගේ ගුවන් තාක්ෂණය

colombotoday

පුද්ගලික රෝහල් හෘද සැත්කමට 15%ක වැට් බද්දක්.. සැත්කම් ගාස්තු රු ලක්ෂයකින් ඉහළට !

colombotoday

ගමේ ජෙවිපීකාරයෝ බලන් ඉන්නේ ගෙවල් ගිනිතියන්න

Admin

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය අවසන්

Admin

කොල්ලකරුවෝ නිවෙසට පැන ගෙහිමි පියා මරා භාණ්ඩ සොරා ගෙන. පුතුත් රෝහලේ…

colombotoday