Colombo Today Local NewsTop Stories

පොල් තෙල් ආනයනය නැවැත්වීමෙන් වාසි ගත් මුස්ලිම් ව්‍යාපාරිකයෙකු කටු පොල් වගා කරන සමාගමක් මිලට ගනියි

පොල් තෙල් ආනයනය නැවැත්වීමට අමාත්‍ය රමේෂ් පතිරණ ගත් තීන්දුවක් හේතුවෙන් රුපියල් බිලියන ගණනක අතිරේක ලාභයක් ලබාගත් මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකු කටු පොල් වගා කරන සමාගමක කොටස් විශාල ප්‍රමාණයක් එම ලාභයෙන් මිලට ගෙන තිබෙනවා.

අදාළ ව්‍යාපාරිකයා මෙරටට ෆාම් ඔයිල් ආනයනය කරන ප්‍රධානතම ව්‍යාපාරිකයා වන අතර ඔහු ශ්‍රී ලංකාවේ කටුපොල් වගාව ද මහා පරිමාණයෙන් සිදු කරමින් සිටියි. පසුගිය රජය සමයේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ගේ අනුහසින් රිසි සේ ව්‍යාපාර කරගෙන ගොස් ඇති මොහු රටේ ජනතාව බිල්ලට තබමින් තමාගේ මුදල් බලයෙන් ෆාම් ඔයිල් ආනයන “ගේම්” එකක් සිදුකරගෙන ගොස් ඇත. සුවහසක් ජනතා ප්‍රාර්ථනා යථාර්තයක් වෙමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පැමිණීමෙන් පසුව ත් අමාත්‍ය රමේෂ් පතිරණ යොදාගෙන තමාට අවශ්‍ය “ගේම්” එක ඔහු ලවා සිදුකරවා ගැනීමට මෙම සට කපට මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයා කටයුතු කර ඇත. අමාත්‍ය රමේෂ් පතිරණ දැන හෝ නොදැන මෙම ව්‍යාපාරිකයාට හසුවී ඇත.

වාර්තා වන අන්දමට අතිවිශාල ෆාම් ඔයිල් ප්‍රමාණයක් මෙම ව්‍යාපාරිකයා මීට මාස කිහිපයකට පෙර ආනයනය කර ගබඩා කරගෙන ඇත. පසුව ෆාම් ඔයිල් ආනයනය මත පනවන බද්ද කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 100කින් වැඩි කරමින් සහ පොල් තෙල් ආනයනය මාස තුනකට නවතාලමින් ගැසට් පත්‍රයක් පසුගිය අප්‍රේල් මුල් සතියේදී නිකුත් කර ඇත. මෙම ගැසට් පත්‍රය හේතුවෙන් එක් රැයක් තුල රුපියල් බිලියන ගණනක අතිරේක වටිනාකමක් ආනයනය කර ගබඩා කර ඇති ෆාම් ඔයිල්වලට එකතු කර ගැනීමට අදාළ ව්‍යාපාරිකයාට හැකි විය.

මාත්‍ය රමේෂ් පතිරණ දැන හෝ නොදැන නිකුත් කළ මෙම ගැසට් පත්‍රය හේතුවෙන් අතිරේක ලාභයක් උපයා ගත් ව්‍යාපාරිකයා කොරෝනා වෛරසය හේතුවෙන් කොටස් වෙළඳපොල ඇද වැටි තිබියදී කටු පොල් වගාව සිදුකරන ප්‍රසිද්ධ සමාගමක කොටස් අති විශාල ප්‍රමාණයක් මිලට ගෙන ඇත. කටුපොල් වගාවට විරුද්ධව විශාල හඬක් නැගූ අමාත්‍ය රමේෂ් පතිරණ කටුපොල් වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා වක්‍රව දායකත්වය ලබා දී තිබීම කනගාටුවට කරුණකි.

ඒ සමගම ෆාම් ඔයිල් ආනයනය කිරීමේදී අයකරන බද්ද කිලෝ එකකට රුපියල් 100 කින් වැඩි කීරම හේතුවෙන් ව්‍යාපාරිකයා මෙරට තුල වගා කර ඇති කටුපොල් මගින් දේශීයව නිපදවන ෆාම් ඔයිල් සඳහා ද අති විශාල ලාභයක් උපයා ගැනීමේ අවස්ථාව සලසාගෙන ඇත. ආනයනයේදී කිලෝ එකකට රජය වැඩි කල රුපියල් 100 දේශීයව ෆාම් ඔයිල් නිෂ්පාදනය කරන්නන් ගෙවිය යුතු නොවීම හේතුවෙන් එයද ව්‍යාපාරිකයා සාක්කුවේ දමා ගනියි.

මාස තුනකට පොල් තෙල් ආනයනය තහනම් කිරීම හේතුවෙන් රට තුල පොල් තෙල් හිඟයක් ඇතිවී ජනතාවට සෞඛ්‍යයට අහිතකර ෆාම් ඔයිල් වැඩි මිලට පරිභෝජනය කිරීමට සිදුවනු ඇත. ෆාම් ඔයිල් සඳහා ඉල්ලුම වැඩිවී තව තවත් ව්‍යාපාරිකයාගේ මඩිය තර වේ.

එමෙන්ම පොල් සඳහා ඉල්ලුම වැඩිවී පොල් හිඟයක් ඇතිවී පොල් ගෙඩියක මිල රුපියල් 100-120 අතර මිලකට ඉහල යාමේ අවධානමක් ඇති අතර පොල් තෙල් කිලෝ එකක මිල රුපියල් 700-900 ත් අතර මිලකට ද ඉහල යා හැක. එක් ව්‍යාපාරිකයෙකු ට ලාභ ලබාදීම සඳහා රටක ජනතාවගේ පරිභෝජන අවශ්‍යතා සඳහා බලපෑම් කිරීම කිසිදු හේතුවක් මත සාධාරණ වන්නේ නැත. මාස තුනකට ආනයනය නැවත්වීමට නිකුත් කර ඇති ගැසට් පත්‍රය අවලංගු නොකරන්නේනම් කොරෝනා වෛරසයෙන් බැට කෑ ජනතාව කබලෙන් ලිපට වැටී පිලිස්සී යනු ඇත.

Related posts

අනුරාධපුරයේ වෙළදසැල් වසති

colombotoday

පාතාල කෙරුමෝ තිදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

colombotoday

ජොනී ඇතුළු තුනකට අධි චෝදනා භාර දෙයි

colombotoday

පාස්කු ප්‍රහාරයේ රහසිගත වාර්තා මන්ත්‍රීවරුන්ට පමණයි – ජනාධිපති ලේකම්වරයා නැවත දැනුම්දෙයි

Admin

ඤාණසාර හිමිට එරෙහිව නීතීඥ සංගමයේ 100ක් හෝමාගමට… නඩුව හවසට කැදවන්න හේතුව එයයි!

colombotoday

යුද හමුදාවට අමතරව ශ්‍රී ලංකා පොලීසියත් ප්‍රතිසංවිධානයට බ්‍රිතාන්‍ය අත තියයි

colombotoday