සිගිරිය බිතුසිතුවම් ගුහාවේ ඉහළ කොටසේ තිබූ අඩි එකහමාරක පමණ ඉපැරණි බදාම තට්ටුවක් (28දා) දින අලුයම කඩා වැටී තිබේ.
මේ සම්බන්ධයෙන් බිතිසිතුවම් ගුහාව බාරව කටයුතු කරන පුරවිද්යාදෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරීන් සහ ස්ථාන බාර නිලධාරීන්ගෙන් කළ විමසීමේදී ඔවුන් පවසා සිටියේ මේ පිළිබඳ විස්තර කිසිවක් තමන්ට ප්රකාශ කළ නොහැකි බවත් කොළඹ කාර්යාලයෙන් විස්තර දැනගන්නා ලෙසත්ය.