Colombo Today Local News

නව වසරේ ඇමති මාරුව

amathi

ලබන වසර ආරම්භයේ දී ප්‍රබල කැබිනට් අමාත්‍ය ධුර කිහිපයක වෙනස්කම් වීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව මුදල් ඇමැති රවී කරුණානායක, අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ හා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් යන මහත්වරුන්ගේ ඇමැති ධුර වෙනස් වීමට නියමිතය. කබීර් හෂීම් මහතාට මුදල් අමාත්‍ය ධුරය හිමි වනු ඇති බවටත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම එජනිස තිදෙනකුට ඇමැති පදවි හිමි වීමට නියමිත බව පැවසේ. ඒ අනුව පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට රාජ්‍ය ඇමැති ධුරයක් ද ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාට නියෝජ්‍ය ඇමැති ධුරයක් හා මනූෂ නානායක්කාර මහතාට ද නියෝජ්‍ය ඇමැති ධුරයක් හිමි වීමට නියමිත බවත් එම ආරංචි මාර්ග පවසයි.

Related posts

අරාබි බසින් ලියන ලද බැනර් සහ සැක කටයුතු තහඩු පුවරු 500 ක් හමුවෙයි..

colombotoday

අන්තරේ කැඳවුම්කරුගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර

Admin

වනජීවී ඇමතිගේ ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රයෙන් පෙත්සමක්

colombotoday

ඇමරිකා තානාපතිනිය හා ජනපති අතර හමුවක්

colombotoday

සේවක හිඟයෙන් අදත් දුම්රිය ගමන් වාර 10ක් අවලංගු‍යි

Admin

අධිකරණ නියෝග කඩ කළ අප්පුහාමි භාර වෙයි

colombotoday