Colombo Today Local News

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන සතියේ…

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සතිය තුළ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවන බවත්, මේ මස අවසන් වීමට පෙර ප්‍රතිඵල ලබාදීමට හැකිවන බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය‘ පෙළ විභාගය පසුගිය දෙසැම්බර් 03 වැනිදා සිට 12 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන හාරදහස් හයසිය හැටඑකකදී පැවැත්විණි.

ඒ සඳහා පාසල් අයදුම්කරුවෝ හාරලක්ෂ විසිදෙදහස් අටසියපනස් දෙනෙක් හා පෞද්ගලික අයදුම්කරුවෝ දෙලක්ෂ තිස්තුන්දහස් හත්සියඅනූඑක් දෙනෙක් සහභාගි වී සිටියහ.

Related posts

රාජිත ඇවිල්ලා කටේම අතුල්ලලා ගියා. දැන් කියන්නේ “නෝනා පිටගිය කාලෙත් මාත් එක්ක හිටියා වගේ” කතාවක්

colombotoday

තෙත් බිම් උද්‍යාන නවීන තාක්ෂණය ඔස්සේ ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව බැද්දගාන උයනට කිව්.ආර් කේතයක්

Admin

ගෝඨාභයට ඇමරිකාවේදී ජීවිතාන්තය තෙක් සිර දඩුවම් දිය යුතුයි – චන්ද්‍රිකා

colombotoday

සුදු වෑන් නාටකය ඇණකොන්ඩා… බොරු රැවුල් අලවා ගෙනැවිත් ඇත්තේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ රියදුරෙක් !

colombotoday

හාල් පොල් බිත්තර මිල වැඩි ඇයි..ජනාධිපති සාකච්ඡාවක් කැඳවයි

Admin

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Admin