Colombo Today Local News

ස්විස් සේවිකාව සතුව දුරකථන තිබෙනවා. බන්ධනාගාර බුද්ධි අංශයට තොරතුරු. සෝදිසියකදී දුරකතන 5ක් හමුවේ.

රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල සේවිකා ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ වයි වාට්ටුවේ තිබී ජංගම දුරකතන හා සිම්පත් 5 ක් තිබී සොයාගත් බව බන්ධනාගාර මූලස්ථාන ප්‍රකාශකයෙක් පැවසීය.

බන්ධනාගාර බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත කළ සෝදිසියකදී මෙම ජංගම දුරකතන හා සිම්පත් සොයාගෙන ඇත.

සැකකාර තානාපති කාර්යාල නිලධාරිනිය සතුව ජංගම දුරකතන ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මෙම සෝදිසිය කර තිබිණි.

ජංගම දුරකතන හා සිම්පත් 5 වැඩිදුර පරීක්ෂණ සඳහා රහස් පොලීසියට බාර දීමට කටයුතු කර ඇතැයි වාර්තා වෙයි. සැකකාර තානාපති කාර්යාලය නිලධාරිනිය 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Related posts

වී ඇටයක්වත් නෑ… රජයේ ගබඩා පාලුවට යයි… සහල් මිල පාලනය ව්‍යාපාරිකයන් අතට

colombotoday

ව්‍යාපාරිකයකුගෙන් තර්ජනය කර කප්පම් ඉල්ලු පාතාලයයෙක් අත්අඩංගුවට

Admin

රටේ නායකයා රජ රටින්.. හාල් පිටරටින් !

colombotoday

පියසේන ගමගේ එක්සත් ජාතික පෙරමුණට පනී…

colombotoday

රජීව් ගාන්ධි ඝාතන සැකකරු ජීවිතකශයට

Admin

වැඩිම මුදලක් වැය කෙරෙන අමාත්‍යංශ 10ක වියදම් විශ්ලේෂණය ට තීරණයක්

Admin