Colombo Today Local News

සජිත්ගේ 58න් කොටසක් ගැලවෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාට සහයෝගය පළ කළ මන්ත්‍රීවරුන් කණ්ඩායම දෙකඩ වී එක්සත් ජාතික පක්ෂයට නායකත්ව මණ්ඩලයක් පිහිටුවා කථානායක කරු ජයසූරිය එහි ප්‍රධානියා බවට පත් කිරීමට යෝජනා කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට මන්ත්‍රීවරුන් 58 දෙනකු පමණ ජනාධිපතිවරණයේදී සෘජුව සහාය දක්වන ලදී. එම සංඛ්‍යාව මේ වනවිට 27 දක්වා අඩුවී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පක්ෂ නායකත්වයට පත් කළ යුතු බවට වූ යෝජනාවට අත්සන් කර ඇත්තේ මන්ත්‍රීවරුන් 27 දෙනකු පමණි. එම යෝජනාව සම්මත කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය වහාම කැඳවන ලෙස ඉල්ලා මෙම මන්ත්‍රීවරුන් 27 දෙනා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට සිකුරාදා (13දා) ලිපියක් යොමුකර ඇත.

එහෙත් එක්සත් ජාතික පක්ෂයට නායකත්ව මණ්ඩලයක් පිහිටුවා එහි ප්‍රධානී තනතුර කථානායක කරු ජයසූරියට ලබාදිය යුතු බවට වූ යෝජනාවක් සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදුන් මන්ත්‍රීවරුන් 20ක් පමණ එකතුව මේ වන විට ඉදිරිපත් කර ඇත. මෙම මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිකුරාදා (13දා) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පත්කළ සය සාමාජික කමිටුවෙන් තලතා අතුකෝරල සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මන්ත්‍රීවරුන් පසුගිය බ්‍රහස්පතින්දා (12වැනිදා) ඉල්ලා අස්වූහ.

Related posts

වවුනියාවේ දෙමල ගම්මාන දෙකක් අතර කුල ගැටුමක්

colombotoday

ආණ්ඩුව ජනතාවට කරන්ට් වද්දවලා

Admin

දිය නාමින් සිටි ගැටව් දෙන්නෙකුට පී.සී ලිංගික අතවර කරලා

Admin

මහනුවරදී ජනපති, හිටපු ජනපති මහනුවරදී හමුවෙයි…

colombotoday

කෙහෙලියගේ විශ්වාසභංගය විවාදයට ජනපති දින තුනක් දෙයි

Admin

ගජමුතු විකුණන්න ගිය 5ක් STF දැලේ…

Admin