Colombo Today Local News

ශ්‍රී ලාංකිකයන්ට ක්ෂේත්‍ර 14ක ජපානයේ අසීමිත රැකියා…

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14ක් යටතේ ජපානයේ වෘත්තීයමය රැකියා අවස්ථා ලබාගැනීම සදහා වූ අවබෝධතා ගිවිසුමකට හෙට (19දා)ජපානයේදී අත්සන් තැබීමට නියමිතය. මෙම ගිවිසුම වසර 10ක කාලයක් ක්‍රියාත්මක වන අතර, එම කාලය තුළදී අසීමිත රැකියා ප්‍රමාණයක් ශ්‍රි ලාංකිකයින්ට හිමි වේ.

මෙම ගිවිසුම අනුව සාත්තු සේවිකා, ගොඩනැගිලි පිරිසිදු කරන්නන්, යන්ත්‍ර කොටස් හා එකලස්, කාර්මික යන්ත්‍ර කර්මාන්තය, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික්  හා තොරතුරු කර්මාන්තය, ඉදිකිරීම් ක්ෂේත්‍රය, නැව් කර්මාන්තය, රථවාහන හා නඩත්තු, ගුවන්යානා කර්මාන්තය, නවාතැන් පහසුකම්, කෘෂිකර්මාන්ත, ධිවර හා ජලජීවි වගාව, ආහාර පාන නිෂ්පාදනය, ආහාර සේවා සැපයුම් යන ක්ෂේත්‍රවල රැකියා ලැබීමට නියමිතය.

විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා හා ජපානයේ අධිකරණ, විදේශ කටයුතු, කම්කරු හා සුභසාධන යන අමාත්‍යවරු මෙම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතය.

ජපානයෙන් මෙම රැකියා අවස්ථා ලොව රටවල් 9ක් සඳහා ලබාදෙන අතර ඉන් 7 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ඉදිරියේදී ජපානයේ වෘත්තීය විශේෂඥයින් මෙරටට පැමිණ අවශ්‍ය තාක්ෂණික දැනුම ලාංකිකයින්ට ලබාදී එම පුහුණු ශ්‍රමිකයින්ට රැකියා ලබාදීම මගින් ශ්‍රි ලංකාවේ වෘත්තීය අධ්‍යාපන මට්ටම ජපානයේ මට්ටමටම උසස්වීමේ හැකියාවක්ද ලැබේ.

ජපානයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවීමත් සමගම ජපන් රැකියා ලබාදෙන බව පවසමින් විවිධ ජාවාරම්කරුවන් මුදල් රැස්කිරීමේ අවදානමක් ඇතිවීමට ඉඩ ඇති හෙයින් එවැනි ජාවාරම්කරුවන්ට හසුනොවන ලෙසත් මෙම රැකියා ලබාදීමේ වැඩසටහන සම්පූර්ණයෙන්ම ජපාන රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් ගිවිසුමක් මගින් පමණක් ක්‍රියාත්මක වන බවත් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවට දන්වා සිටියි.

Related posts

රිල්වාන්ට පුපුරණ ද්‍රව්‍ය සැපයු රාසික් රාසා TID යට

colombotoday

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ලෝක මානව හිමිකම් ආයතන අතුරින් “A” ශ්‍රේණියට

colombotoday

අයවැයෙන් රටේ මූලික ප්‍රශ්න වලට කිසිදු විසඳුමක් නැහැ… වැඩපිළිවෙළක් නැති පුස්සක්

Admin

අස්ගිරි අනුනාහිමි හිට්ලර් ඉල්ලනවා… විජයකලා ප්‍රභාකරන් ඉල්ලනවා… දෙකම සමානයි – ඇමති රාජිත

colombotoday

‘දූෂණයට වංචාවට නම් මේ දෙගොල්ලම එකයි‘ – මහාචාර්ය ප්‍රේමා පොඩිමැණිකේ

colombotoday

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් අනිද්දා

Admin