Colombo Today Local News

වේදෙනිගම විමලතිස්ස හිමි නීතිඥවරු පසුපස යති. දේශද්‍රෝහී ක්‍රියාවලට සම්බන්දවිය නොහැකියි. දේශහිතෙෂි නීතිඥවරු පන්නා දමයි

භික්ෂුන් වහන්සේ නමක්යැයි තමන් විසින් කියාගන්නා වේදෙනිගම විමලතිස්ස හිමි අපේ ජන බල පක්ෂයට හිමිවූ මන්ත්‍රීධූරය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගෙන් පැහැරගැනීම සඳහා නීතිඥවරු සොයා ගැනීමේ උත්සාහයක නිරතවෙමින් සිටින බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් නීතිඥවරු රාශියක් වෙත නඩුව රැගෙන වේදෙනිගම විමලතිස්ස හිමි පැමිණියද දේශද්‍රෝහී ක්‍රියාවලට සම්බන්ධ වීමට නොහැකි බව පවසමින් නීතිඥවරු කිහිප දෙනෙකු විසින් ඒ හිමි පන්නා දමා ඇති අතර තවත් නීතිඥවරු කිහිප දෙනෙකු විසින් මෙම නඩුවට පෙනී සිටීම සඳහා ලක්ෂ 50 කට වඩා මුදලක් ඉල්ලා ඇති බව වාර්තා වේ.

මේ වන විට වේදෙනිගම විමලතිස්ස හිමි ඥානසාර හිමිට ලැබී ඇති මන්ත්‍රීධූරය පැහැරගැනීමට උත්සහ දැරීම හේතුවෙන් දැඩි ජනතා අප්ප්‍රසාදයකට පත්ව ඇත.

Related posts

“භික්‍ෂුන් පනත ගෙනාවොත් සංඝ සමාජය කෑලි කෑලි වලට කැඩිය යයි. කිසි දින එකතු කරන්න බැරිවෙයි” – රතන හිමි

colombotoday

අධිකරණ ඇමති තලතා.. බුද්ධශාසන ඇමති ගාමිණී ජයවික්‍රම – අද දිවුරුම් දෙයි

colombotoday

පට්ටලේ සමීර STF අත්අඩංගුවට

colombotoday

ජල ගාස්තුවටත් මිල සූත්‍රයක්? පුණ්‍ය ආයතන, රෝහල් සහ පාසල් වලට දෙන්න යෝජනා

Admin

කංජිපානිගේ ගෝලයෙක් අයිස් ග්‍රෑම් 7ක් සමඟ වැල්ලම්පිටියේදී අත්අඩංගුවට

colombotoday

ලංකාවේ පළමු නි‌යෝජ්‍ය පොලිස්පතිනියට පොලිසියෙන්ම පෙත්සමක්

colombotoday