Colombo Today Local News

ශානිගේ ඇප ඉල්ලීම සලකා බැලීම මාර්තු 17

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන මහත්වරුන්ගේ ඇප ඉල්ලීම් සලකා බැලීම සඳහා මේ මස 17 දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

එම ප්‍රතිශෝධන පෙත්සම් අද (01)දින නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර් ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් හදිසි අවශ්‍යතාවක් සැලකිල්ලට ගෙන එම පෙත්සම ගොනුකර ඇති හෙයින් එය සලකා බැලීම සඳහා ඉතාම කෙටි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු 17 වනදා කැඳවන ලෙසත් එදින ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට දැනුම් දුන්නේය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබූ නඩුවකට ව්‍යජ ලෙස ගිනි අවි හඳුන්වාදී අසත්‍ය සාක්ෂි නිර්මාණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් දෙදෙනා ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

Related posts

වසර 65කට පසු “සිංහලේ“ ජාතික කොඩිය නැවතත් නීතියෙන් පිළිගනී !

colombotoday

“මල්වතු නාහිමි සමග කතා කර බුද්ධාගම රකින්න අලුත් වගන්තියක් ගේනවා“ අගමැති

colombotoday

මාස දෙකකදී තෙල් සංස්ථාවට කෝටි 2000ක ඉතිහාසගත පාඩුවක්

colombotoday

ශ්‍රී ලංකාවේ එන්නත් සහතික බ්‍රිතාන්‍ය පිළිගනී: පිළිගන්නා එන්නත් වර්ග මෙන්න

colombotoday

ජනපතිගේ තීරණයෙන් 60කට පැන්ෂන් අහිමිවෙයි… කෝටි ගණනක් රටට ඉතිරියි !

colombotoday

ආණ්ඩුව ඇතුලේ වෙනම මුස්ලිම් ආණ්ඩුවක් | කොරෝනා මරණ ආදාහන ගැටලුවට හේතුවූ අල්ලාහ් ගේ අධිකරණය.

colombotoday