Colombo Today Local News

දේශීය ඇඳුමක් ඇඳ සිකුරාදා ට සේවයට එන්නැයි රජයේ සේවකයින්ගෙන් ඉල්ලීමක්

සෑම සිකුරාදා දිනකම දේශීය ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කරන ලෙස රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා රජයේ සේවකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

පන්නල ප්‍රදේශයේ පසුගියදා පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු එම ඉල්ලීම කළේය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ ඇඳිය යුතු ඇඳුම සම්බන්ධ නිර්දේශ ඉදිරියේදී දැනුම්වත් කරන බවය.

මෙය නීතියක් නොවන බවත් දේශිය කර්මාන්ත නගා සිටුවීමට නම් දේශීය නිර්මාණ ගැන අගයක් තිබිය යුතු බවත් ඒ මහතා පැහැදිලි කළේය.

එමෙන්ම බතික් කර්මාන්තයට ද නව මුහුණුවරක් ඇති කිරීමට කටයුතු කිරීමට ඒ සඳහා නව නිර්මාණ හඳුන්වාදීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

Related posts

ඇවිද ගිය සබීතාගේ කෝටිපති සැමියා මහපාරේ සිහිසුන්ව ඇද වැටෙයි

colombotoday

මහරගම බෝ ගහේ අත්තක් කඩා වැටේ

Admin

ව්‍යාධිජනකයින් සහිත චීන කාබනික පොහොර තොගය ගෙනඒම අත්හිටුවයි

colombotoday

ලංකාවේ ප්‍රදේශ 6ක ISIS ත්‍රස්තයෝ! බුද්ධි අංශ අනාවරණය කරයි

colombotoday

සංචාරක හෝටල් සඳහා විදුලි බිල ගෙවීමට වසරක සහන කාලයක්

colombotoday

ආශු මාරසිංහ ඉල්ලා අස්වෙයි

colombotoday